වැලි කතරේ කතන්දරේ 🏜️🏜️🏜️ (The Story Of The Sand Dunes)

වැලි කතරේ කතන්දරේ 🏜️🏜️🏜️ (The Story Of The Sand Dunes) - Your Choice Way

🤔මොකක්ද මේ කාන්තාරයක් කියන්නේ?

🔺නිසරු,ඉතා අඩු වර්ෂාපතනයක් ලැබෙන,ශාක හා සතුන්ගේ පැවැත්මට හිතකර නොවන භූමි ප්‍රදේශයක් කාන්තාරයක් කියලා හදුන්වන්න පුළුවන්.
🔺ඒත් මේ රළු පරිසරයට හැඩගැසුණු ගහකොළත්,සතුනුත් මෙහි දකින්න පුළුවන්.ලෝකයේ භූමි ප්‍රමාණයෙන් 20% ක් පමණ කාන්තාර තිබෙනවා.
🔺සාමාන්‍ය ජනයාට වාසය කළ නොහැකි තරමට ශුෂ්ක පරිසර තත්ත්ව පවතින නිසා මේවා ලෝකයේ ජනශුන්‍ය කලාප ලෙස ද හැදින්වෙනවා.
🔺කාන්තාර බෙහොමයක් පිහිටා තිබෙන්නේ කදු ආශ්‍රිතවයි.
🔺කදු මුවාව නිසා කාන්තාර වලට වැසි නොලැබෙන්නේ යැයි විද්‍යඥයෝ විශ්වාස කරනවා.
🔺ගෝලීය උෂ්ණත්වය නිසා ලොක්යේ කාන්තාරවල මායිම් පුළුල් වෙලා තියෙනවා.

🤔කාන්තාරයේ වැඩෙන ගහකොළ මොනව කියලද හිතන්නේ?

🌵කාන්තාර ප්‍රදේශවල අඩු ශාක ගහනයක් දක්නට ලැබෙනවා.
🌵රළු වියළි පරිසරයට ඔරොත්තු දීමට හැකිවන පරිදි ඒවා හැඩගැසී පවතිනවා.
🌵පරිසරයේ තිබෙන ඉතා අඩු ජල ප්‍රමාණය යටතේ වර්ධනය වීමට හොදින් අනුවර්තනය වී ඇත.
🌵පත්‍ර නොපිහිටීම හෝ පත්‍ර ඉතා අඩු ගණනක් පිහිටීම, පත්‍ර කටු බවට විකිරණය වීම, පත්‍ර මත ඝන උච්චර්මයක් පිහිටීම එවන් අනුවර්තන කිහිපයක්.

🤔මේ ප්‍රදේශවල වැඩෙන පැළෑටි එකවර ඇතිවී මල් එකවර හටගෙන කෙටි කලකින් විනාශ වී යනවා.

🍂පතොක් ආදී ශාකවල මුල් ගැඹුරට විහිදී නොගියත් පොළොව මතුපිට ආසන්නයේ පුළුල් කලාපයක පැතිරෙනවා.
🍁එවිට වැස්ස වැටුණු වහා මුල්වලට ජලය උරා ගන්නවා.
🍂පතොක්වලට ජලය ගබඩා කර ගැනීමේ හැකියාවක් තියෙනවා.
කටු බහුල නිසා ඒවා සතුන්ට ආහාරයට ගත නොහැකියි.ඒ නිසා පතොක් ආරක්ෂා වෙනවා.

🤔කාන්තාරයේ ජීවත් වෙන සතුන් මොනවගේ ඇත්ද?

🐜කාන්තාරවල කෘමි විශේෂ,සර්පයන්, කටුස්සන් සුලබව හමුවෙනවා.ඒ හැරුණු විට කුහුඹුවන්, කෘන්තකයින්,පක්ෂීන්, ඉබ්බන් ආදී සතුන්ද කාන්තාරවල වාසය කරනවා.
🐜එම සතුන් ශරීර ප්‍රමාණයෙන් කුඩායි.
සතුන්ගේ සිරුර ජලය රදවා ගැනීමට හැඩගැසී තිබෙනවා.
🐜කාන්තාරවාසී බොහෝ සතුන්ගේ ඝන කොරපොතු,ඝන උච්චර්මයක්, දිලිසෙන සුලු උච්චර්මයක් දකින්න පුළුවන්.මේ නිසා සම හරහා ජලය වාෂ්ප වීම වැළැක්වෙනවා.

🤔ක්ෂේම භූමිය කියන්නේ මොකක්ද කියලා ඔයාලා දන්නවද?

🍒කාන්තාරයක ජලය තියෙන,ගහකොළවලින් සමන්විත ස්ථානය ක්ෂේම භූමියක්.
දින ගණන් තවලමේ යන්නන් නැවතී විවේක ගන්නේත්,ආහාර පාන ලබා ගන්නේත් මෙතැනදීය.
🍒සාමාන්‍යයෙන් කාන්තාරයක ක්ෂේම භුමියක් වටා නගරයක් හෝ ජනාවාසයක් පවතිනවා.ක්ෂේම භූමියේදී ජල උල්පත් මතුපිටට පැමිණෙනවා.
 

🤔කාන්තාර වල වාසය කරන මිනිසුන් කවුද?

🚶උෂ්ණ කාන්තාරවල දහවල් අධික උණුසුමක් හා රාත්‍රියට අධික සීතලක් පැවතියද සංචාරක දිවියක් ගෙවන ගෝත්‍රික කණ්ඩායම් කාන්තාරවල වාසය කරනවා.
🚶ඒවායේ පවතින රළු දේශගුණික තත්ත්ව (වැලි කුණාටු,අධික උෂ්ණත්වය හෝ සිසිල) නිසා ගෝත්‍රිකයන්ට එකතැන ජීවත්විය නොහැකියි.
🚶මැදපෙරදිග වාසී බෙඩුයින්වරු, චිලීහි අටකාමා කාන්තාර වැසි අටකාමානෝවරු,ඇමරිකාවේ මොජාවේ කාන්තාර වැසි මොජාවේවරු, කැලිෆෝනියා කාන්තාරවාසී කැහුයිලාවරු හා ඕස්ට්‍රේලියාවේ කාන්තාරවාසී ඇබොජින්වරු කාන්තාර වැසි ගෝත්‍රිකයන් වෙනවා.

🤔ලොව ප්‍රකට කාන්තාර

     🔹-අටකාමා කාන්තාරය
     🔹 -තාර් කාන්තාරය
     🔹-සහරා කාන්තාරය
     🔹-ඇරිසෝනා කාන්තාරය
     🔹-ග්‍රේට් වික්ටෝරියා කාන්තාරය

🤔ඔයාලා දන්නවද කාන්තාරීකරණය පිටු දැකීමේ දිනය කවදද කියලා?

🔺ඒ තමයි ජුනි 17 වනදා.

🤔ඔයාලා දන්නවද අපිට කාන්තාරීකරණය වළක්වන්න කරන්න පුළුවන් දේවල් මොනවද කියලා?

🌳රුක් රෝපණය කිරීම හා ඒ ශාක නිසි පරිදි නඩත්තු කොට පවත්වා ගෙන යාම.
🌳නිසි පරිදි පාංශු සංරක්ෂණ ක්‍රම අනුගමනය කිරීම
🌳ආවරණ වගා යෙදීම
🌳අනවශ්‍ය ලෙස භූමිය එළි පෙහෙළි කිරීමෙන් වැළකීම.
🌳ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීම හා පුනරුත්ථාපනය කිරීම.

මේ වගේ තවත් වටිනා තොරතුරු දැන ගන්න එක් වන්න අප සමග...Lenmini Kehansa
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වැලි කතරේ කතන්දරේ 🏜️🏜️🏜️ (The Story Of The Sand Dunes) වැලි කතරේ කතන්දරේ 🏜️🏜️🏜️ (The Story Of The Sand Dunes) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 22, 2021 Rating: 5

0 comments:

Post a Comment