Sandakada Pahanaka Katayam Song Lyrics - සඳකඩ පහනක කැටයම් ගීතයේ පද පෙළ

Sandakada Pahanaka Katayam Song Lyrics - සඳකඩ පහනක කැටයම් ගීතයේ පද පෙළ
Song Title : Sandakada Pahanaka Katayam (සඳකඩ පහනක කැටයම්)
Singing : Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ මහත්මා)
පද රචනය : වොලී නානායක්කාර
සංගීතය : වික්ටර් රත්නායක
“මාතර ආච්චි (1973)“ චිත්‍රපටයෙන්


සඳකඩපහනක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී
කැලැතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියැවේ

යුගයෙන් යුගයට නොමියෙන දහනක
දිවියක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතක ඈගෙන යනවා
සියුමැලි කැකුලක් මැලවෙද්දී
සියුමැලි කැකුලක් මැලවෙද්දී

දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙන යන බින්දූ
ගව්වක් ඉහලට ගොනුකොට රඳවා
පොපියන දෙතොලක් එහි කැන්දූ
අහසක් ගුගුරා කළුවක් වපුරා
ඒ හා මුහුවුණු වැහි බින්දූ
ඈගෙන යද්දී නටඹුන් අතරෙක
තවෙකෙක් ඈවෙත හද රැන්දු
තවෙකෙක් ඈවෙත හද රැන්දු

සඳකඩපහනක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී
කැලැතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියැවේ

හදවිල ඉපැදුන කැකුළක් නොකලට
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත්කොට ගිලිහුනු කදුලක්
සත්සමුදුරකට මුහුව ගියා

ඔබට උරුම වූ රිදුනු තැවුනු හද
එක්ටැම් මැදුරක කවුළු අරා.
රුවන් විමානෙන් පියඹා එන තුරු
පොපියන හදවත සිටී බලා
පොපියන හදවත සිටී බලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sandakada Pahanaka Katayam Song Lyrics - සඳකඩ පහනක කැටයම් ගීතයේ පද පෙළ Sandakada Pahanaka Katayam Song Lyrics - සඳකඩ පහනක කැටයම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 10, 2021 Rating: 5

0 comments:

Post a Comment