Salun Mama Song Lyrics - සැලූන් මාමා ගීතයේ පද පෙළ

Salun Mama Song Lyrics - සැලූන් මාමා ගීතයේ පද පෙළ
Song Title : Salun Mama (සැලූන් මාමා)
Lyrics : Samitha B. Atuwabendela


බෝම ඈත ඉස්සර
තිබුණා මේ හන්දියේ හරි මැද
කොස් ගසක්
කාල වර්ණයෙන් සරීරෙම බැබලුණ

මට මතකයි තවමත්
ඒ කොස් ගහ පාමුල
ලෑලි පෙට්ටි සැලූන් කඩය
වෘක්ෂ දේවතාවුන්ගේ වුව
හිස හැදුව

අරගෙන කතුර වමතට
බෙල්ල නොවෙයි උඹ කැපුවේ
කොන්ඩය මිස

අතුල්ලා කිඹුල් හමේ
කෙස් ගසත්
දෙකට පැළෙන තරමට
මුවහත් කොට දැළිපිහිය
හීන් නූලෙන් කැපුවේ නැත අත්පා නුඹ
රැවුල ම මිස.

රැගෙන මුස්නක් අතට
මඛාදේව රජවරුන්ගේ
නරකෙස් මිස
නුඹ නොවෙයි අතීතය
අතුගාලා දැම්මේ එළියට

බාබර් මාමා
උඹ දැන් කොහේද ඇත්තට ?
ආවේ අපි හුඟ කාලෙකින්
අපේ ගමට

අලුයම ම
හන්දියට
හුළුඅත්ත පත්තුකරගෙන ආවේ නුඹ
දිය යටින් හෙම නොවේ
ගමේගොඩේ අඩිපාර දිගේ
ඇවිදගෙන ම මිස

ඒ ආවා මිස නුඹ
ගිය වගක්
නැතිය අප දැනගෙන උන්නේ
කිසිවිට

අනේ ආයෙත් දවසක
එන්ට මාමා හන්දියට
දැළිපිහා, කතුරු නොව
මේ මගේ දරුවන්ටත්
පුන්චි සීනි බෝලයක් අරගෙන

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Salun Mama Song Lyrics - සැලූන් මාමා ගීතයේ පද පෙළ Salun Mama Song Lyrics - සැලූන් මාමා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 08, 2021 Rating: 5

0 comments:

Post a Comment