Eka Yaye Song Lyrics - එක යායේ ගීතයේ පද පෙළ

Eka Yaye Song Lyrics - එක යායේ ගීතයේ පද පෙළ
Song Title : Eka Yaye (එක යායේ)
ගයනය : සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, බන්දුල විජේවීර
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : එච්. එම්. ජයරත්න
“මංගල තෑග්ග“ චිත්‍රපටයේ ගීතයක්

එක යායේ කකා වැටී
එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා
නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු
අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා

ගෙට ආ කල ටිකිරි ලියා
නුඹ වේවිලු කබර ගොයා
ළිඳට ගියත් අවසරයක් ගන්නට වේවී
දළ ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීතී

එක යායේ කකා වැටී
එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා
නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු
අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා

වළට වැටුණු එකා යකා
වළටම ඇද ගනු මිසකා
වළෙන් උඩට එන්නට අත දෙන්නට කැමතී
නෑදෑ හිතවතෙක් නැතී ඒ ගැන හිතුවොත් යෙහෙකී
කසාදෙ නං කසාය හරි තිත්ත බේතක

එක යායේ කකා වැටී
එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා
නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු
අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Eka Yaye Song Lyrics - එක යායේ ගීතයේ පද පෙළ Eka Yaye Song Lyrics - එක යායේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 08, 2021 Rating: 5

0 comments:

Post a Comment