Premage Preme Song Lyrics - ප්‍රේමාගේ ප්‍රේමේ ගීතයේ පද පෙළ

Premage Preme Song Lyrics - ප්‍රේමාගේ ප්‍රේමේ ගීතයේ පද පෙළ
Song Title : Premage Preme (ප්‍රේමාගේ ප්‍රේමේ)
Lyrics : Samitha B. Atuwabendela

නාග කන්‍යාවී
කැලණියේ හිඳින්නී
ප්‍රේම වීණාව වයන්නී
හිත යටින්
'ප්‍රේමේට' පෙම් බඳින්නී

නාග කන්‍යාවී
ප්‍රේමා නමින් උපන්නී
'ප්‍රේමේ' ම පතන්නී

නාග මල් ගොඩ ළඟ
දරණ ලා ගෙන
නාග මල් උඩ
හිස හොවාගෙන
සිටින්නී
මලකින් හැදුණ
පුන්චි පෙණයක් තියෙන්නී

පච්ච කොටපු ප්‍රේමෙට පෙම් බඳින ළියේ
කොච්චි සමඟ බත් අනලා කෑව ළියේ
පච්චවඩම් මල් පත්තර බලන ළියේ
සොච්චමකට මල් නෙළලා විකුණු ළියේ

වෙහෙර ළඟ
මල් විකුණණ කොට
ප්‍රේමේ සිහිවෙයි.
ප්‍රේමේගේ පපුවේ හරි මැද
පච්ච කොටා ඇති
පෙණේ පුප්පපු නාගයා මතක් වෙයි.
වෙහෙරක් තරම් උස ආදරෙන්
පිරී යයි.

ප්‍රේමේ !
අසල්වැසියාට ප්‍රේම නොකරපු ප්‍රේමේ !!

හරක් මරපු
කුකුල්ලු හමගහපු
මස්කාපු
ප්‍රේමේ

හොරෙන් හොරෙන්
කනට කරල
හැමෝම ප්‍රේමාට කිව්වෙ
'ප්‍රේමේ ආඳා
ප්‍රේමේ ආඳා
ප්‍රේමේ ගල් ආඳා
වසවර්තියා
මාරයා'

කැලණි ගඟේ ඉන්නා කිඹුලිගෙ පැටියා
හත් පාරක් මහ උළුගෙයි හිටියා
බූරු පොළේ ධර්මෙට බැණ බැණ හිටියා
සාක්කුවේ ඇති කෙරුවේ නයි පැටියා

එහෙව් ප්‍රේමෙට
හිත පතුලෙන්
පෙම් බැන්දා ප්‍රේමා
පෝලොව යටින් අහස උඩින්
පෙම් බැන්දා ප්‍රේමා
ප්‍රේමෙගෙ පපුවේ නයි පෙණයෙන්
පෙම පැතුවා ප්‍රේමා
නාග ලොවේ නයි ගස් යට
පෙම හෙව්වා ප්‍රේමා

නපුරු නයි පෙණය යට
ආදරයේ නාග මැණික හෙව්ව ප්‍රේමා
නාග දමනයට
ඇඟිලි ගැන්න ප්‍රේමා
අදත් තනිකඩයි ප්‍රේමා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Premage Preme Song Lyrics - ප්‍රේමාගේ ප්‍රේමේ ගීතයේ පද පෙළ Premage Preme Song Lyrics - ප්‍රේමාගේ ප්‍රේමේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 13, 2021 Rating: 5

0 comments:

Post a Comment