Pera Dinayaka Maa Pem Song Lyrics - පෙර දිනයක මා පෙම් ගීතයේ පද පෙළ

Pera Dinayaka Maa Pem Song Lyrics - පෙර දිනයක මා පෙම් ගීතයේ පද පෙළ
Song Title : Pera Dinayaka Maa Pem (පෙර දිනයක මා පෙම්)
Singing : Pandith W.D. Amaradewa (පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේව මහත්මා)

පෙර දිනයක මා පෙම් කළ යුවතිය
සිය පුතු නලවනවා
මගේම ගීයක් නැලවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා

නුරාව වෙනුවට ඉදුනිල් දෙනයන
දයාව වෑහෙනවා
නුරාව වෙනුවට ඉදුනිල් දෙනයන
දයාව වෑහෙනවා
සිනාසුනෙමි මම අවිහිංසක ඇය
කෝල බැලුම් හෙලුවා

හිරුට සදුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා
හිරුට සදුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා
නෙත් අදහා ගන්නට බැරි ලෙස රූසිරු
කෙමෙන් මැකී යනවා

එදා වගේ තවමත් වැට අද්දර
නාමල් පුබුදිනවා
එදා වගේ තවමත් වැට අද්දර
නාමල් පුබුදිනවා
නොකා නොබී දුක් වින්ද අතීතය
යළි මට සිහිවෙනවා
පෙර දිනයක මා පෙම් කළ යුවතිය
සිය පුතු නලවනවා
මගේම ගීයක් නැලවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pera Dinayaka Maa Pem Song Lyrics - පෙර දිනයක මා පෙම් ගීතයේ පද පෙළ Pera Dinayaka Maa Pem Song Lyrics - පෙර දිනයක මා පෙම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Wednesday, February 03, 2021 Rating: 5

0 comments:

Post a Comment