Pana Mada Kadithi Song Lyrics - පැන මඩ කඩිති ගීතයේ පද පෙළ

Pana Mada Kadithi Song Lyrics - පැන මඩ කඩිති ගීතයේ පද පෙළ
Song Title : Pana Mada Kadithi (පැන මඩ කඩිති)
Singing : Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ මහත්මා)

පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ
පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

සාමා අමර විකුණති බස් පොලේ කජු
කුමා‍රෝද පිටු දන්දෙති එයින් මතු
උගත මනා ශිල්පය පිල්කඩ නොපැතූ
වේවැල වටා ඉකිබිඳ දඩුවමක් පැතූ

රන්මසු පටපිළී අභරණ උරන වෙලා
සමන් පිච්ච කැකුළිය ගෙයි මිලිණ වෙලා
ගුරු නිවහනේ කඳුලට උල්පතක් වෙලා
ලොකු හාමි‍නේ ඇත බිතු සිතුවමක් වෙලා

පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ
පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pana Mada Kadithi Song Lyrics - පැන මඩ කඩිති ගීතයේ පද පෙළ Pana Mada Kadithi Song Lyrics - පැන මඩ කඩිති ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 09, 2021 Rating: 5

0 comments:

Post a Comment