Ran Samanalayo Song Lyrics - රන් සමනළයෝ ගීතයේ පද පෙළ

Ran Samanalayo Song Lyrics - රන් සමනළයෝ ගීතයේ පද පෙළ
Song Title : Ran Samanalayo (රන් සමනළයෝ)
Singing : Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ මහත්මා)

රන් සමනළයෝ පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා
රන් සමනළයෝ පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා

මීදුම් සළුවේ තුරු මල් උයනේ
කොයි යන්නේ පියඹා
රන් සමනළයෝ පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා
පෙම්බර ආල හිතේ ගී නොවෙදෝ ගැයුවේ
මොළකැටි බාල වියේ ඒ හුරතල් කොතැනේ
මව් දෑතින් මිදුණාදෝ
යෞවනයේ මත් වීදෝ

රන් සමනළයෝ පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා
රන් සමනළයෝ පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා

ලද මනමාල හිතේ ආදරයේ සුවඳේ
තව නොදිටීද ලොවේ ජීවිතයේ අරුමේ
මල් යහනා පැතුවාදෝ
ඒ යහනා හමුවේදෝ
රන් සමනළයෝ පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා
රන් සමනළයෝ පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා

මීදුම් සළුවේ තුරු මල් උයනේ
කොයි යන්නේ පියඹා
රන් සමනළයෝ පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ran Samanalayo Song Lyrics - රන් සමනළයෝ ගීතයේ පද පෙළ Ran Samanalayo Song Lyrics - රන් සමනළයෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 09, 2021 Rating: 5

0 comments:

Post a Comment