✅ අවශ්‍ය ද්‍රව්‍ය:
- හාල් පිටි 250 g
- ලුණු ස්වල්පයක්
- බැදීම සදහා තෙල්
- කහ කුඩු ස්වල්පයක්
- උකු පොල් කිරි කෝප්ප 1 ½ ( මිලි ලීටර් 150 පමණ )
- බිත්තර 1
✅ සාදා ගන්නා ආකාරය:
- හොදින් අඹරා ගත් පිටි වලට ලුණු සහා කහා එකතු කර හොදින් කවලම් කර ගන්න.
- ඉන්පසු එයට බිත්තරය එකතු කරන්න,එයට පොල් කිරි පොඩ්ඩ එකතු කරන්න .හොදින් හාල් පිටි මිශ්‍රණය කවලම් කර ගන්න.
- තෙල් රත් කර ගන්න ,විනාඩියක් දෙකක් පමණ කොකිස් අච්චුව තෙල් භාජනයේ දමා රත් කර ගන්න.
- ඉන්පසු එම රත් කරගන්නා ලද කොකිස් අච්චුව කොකිස් මිශ්‍රණයේ ගිල්වන්න.(මෙ අවස්තවේ හොදින් මතක තියාගන්න..කොකිස් අච්චුව කොකිස් මිශ්ර ණයේ ගිල්වන අවස්ථාවේ කොකිස් අච්චුවට උඩින් යන ආකාරයට ගිල්වන්න එපා.එසේ වුවහොත් කොකිස් එක ගලවන්න අපහසු වනු ඇත.)
- ඉන්පසු හොදින් රන්වන් පර වන තුරු බැද ගන්න.ඉන්පසු කොකිස් එක අච්චුවෙන් ගලවා.බැදෙන්න ඉඩ හරින්න.
දැන් ඔබට රසවත් කොකිස් එකක් ගෙදරදීම සදා ගන්න පුළුවන්. Cook with Chef Duminda
![කොකිස් හදමු - සිංහල අවුරුදු කෑම ( Kokis [ Cokis ] Hadamu - Sinhala Awurudu Kama ) - Your Choice Way කොකිස් හදමු - සිංහල අවුරුදු කෑම ( Kokis [ Cokis ] Hadamu - Sinhala Awurudu Kama ) - Your Choice Way](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiKdQWfBy6J25bLVraxWwwG-quGZe0XdUC54rfM7MHn7HKKTpspf8F4LoXbo-cRHFtN0Npj_LU4nQ9RLncBAcLHsP0MpaykZD9njKWiaeh0Jgy86o5VDEsp-YnR5KIyvean1qr3XHeBJ6U/w640-h610/%25E0%25B6%259A%25E0%25B7%259C%25E0%25B6%259A%25E0%25B7%2592%25E0%25B7%2583%25E0%25B7%258A+%25E0%25B7%2584%25E0%25B6%25AF%25E0%25B6%25B8%25E0%25B7%2594+-+%25E0%25B7%2583%25E0%25B7%2592%25E0%25B6%2582%25E0%25B7%2584%25E0%25B6%25BD+%25E0%25B6%2585%25E0%25B7%2580%25E0%25B7%2594%25E0%25B6%25BB%25E0%25B7%2594%25E0%25B6%25AF%25E0%25B7%2594+%25E0%25B6%259A%25E0%25B7%2591%25E0%25B6%25B8+%2528+Kokis+%255B+Cokis+%255D+Hadamu+-+Sinhala+Awurudu+Kama+%2529+-+Your+Choice+Way.png)
![කොකිස් හදමු - සිංහල අවුරුදු කෑම ( Kokis [ Cokis ] Hadamu - Sinhala Awurudu Kama ) - Your Choice Way කොකිස් හදමු - සිංහල අවුරුදු කෑම ( Kokis [ Cokis ] Hadamu - Sinhala Awurudu Kama ) - Your Choice Way](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgKm3bBAa1UeKfEQzV55tV2-jxS0branAw_xzDVtK-KqQH4iOdxIvtSpgzHev-8V7DYvfGeTJHaMZiwQAw0eBeBXvkwDhmWiIwrOMh82rGf1Ux1pqFDFcooP75jMCtlj5-nlsgP0ND0u6Y/w640-h522/%25E0%25B6%259A%25E0%25B7%259C%25E0%25B6%259A%25E0%25B7%2592%25E0%25B7%2583%25E0%25B7%258A+%25E0%25B7%2584%25E0%25B6%25AF%25E0%25B6%25B8%25E0%25B7%2594+-+%25E0%25B7%2583%25E0%25B7%2592%25E0%25B6%2582%25E0%25B7%2584%25E0%25B6%25BD+%25E0%25B6%2585%25E0%25B7%2580%25E0%25B7%2594%25E0%25B6%25BB%25E0%25B7%2594%25E0%25B6%25AF%25E0%25B7%2594+%25E0%25B6%259A%25E0%25B7%2591%25E0%25B6%25B8+%2528+Kokis+%255B+Cokis+%255D+Hadamu+-+Sinhala+Awurudu+Kama+%2529+-+Your+Choice+Way.jpg)


0 comments:
Post a Comment