Kiyan Daiwaya Song Lyrics - කියන් දෛවය ගීතයේ පද පෙළ

Kiyan Daiwaya Song Lyrics - කියන් දෛවය ගීතයේ පද පෙළ
Song Title : Kiyan Daiwaya (කියන් දෛවය)
Lyrics : Lakeeshan Madhushankha Suraweera (ලකීෂාන් මධුසංඛ සුරවීර)


සඳුට හොරෙන් සිසිල ගන්න මගේ හිතට සිතෙන්නේ
හිරුට හොරෙන් එලිය ගන්න මගේ හිතට සිතෙන්නේ
තරුට හොරෙන් බලන් ඉන්න මගේ හිතට සිතෙන්නේ
ඔබට හොරෙන් පෙම් කරන්න මගේ හදට සිතෙන්නේ

පිනි බිඳුවක සිසිල අරන් ඔබට දෙන්න සිතෙන්නේ
මල් පෙත්තක සුසිනිඳු බව ඔබෙ මුහුණේ පෙනෙන්නේ
නා දළු වන් දෙතොල් කැකුළු සිප ගන්නට සිතෙන්නේ
ඔබට හොරෙන් ඔබේ නෙතුත් මා වෙතටම ඇදෙන්නේ

මුව මදහස බලන්න ඔබේ ළඟ රැඳෙන්න සිතෙන්නේ
වමතේ ඔබෙ මුදු පළඳා ලඟට ගන්න සිතෙන්නේ
තණ පලසක ඇවිදන් යන අපේ රුවයි පෙනෙන්නේ
ඒ හීනෙට ඉඩ දෙන්නට ඔබ කැමතිද අසන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kiyan Daiwaya Song Lyrics - කියන් දෛවය ගීතයේ පද පෙළ Kiyan Daiwaya Song Lyrics - කියන් දෛවය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 28, 2021 Rating: 5

0 comments:

Post a Comment