Dutimi Mama Tharunayek Song Lyrics - දුටිමි මම තරුණයෙක් ගීතයේ පද පෙළ

Dutimi Mama Tharunayek Song Lyrics - දුටිමි මම තරුණයෙක් ගීතයේ පද පෙළ
Song Title : Dutimi Mama Tharunayek (දුටිමි මම තරුණයෙක්)
Lyrics : Chathumi Silva (මධූ) (චතුමි සිල්වා)


දුටිමි මම තරුණයෙක්.......
ජීවිතයේ ඉම නොදුටු
සතුටටම ඉඩ තියපු
කාසියට හිත ගියපු
රාගයට පණ පොවපු
මනුසතට පෙම පුදපු..........

දුටිමි මම තරුණයෙක්.......
මත් වෙන්න ලොබ බැඳපු
අසිහියෙන් දිවි ගෙවපු
මොණර කොළ සැප විඳපු
රජෙක් ලෙසකට පෙණුනු
අනග හී සර වැදුණු.........

දුටිමි මම තරුණයෙක්.......
නේක කම් සැප විඳපු
එක තැනක හිත බැඳපු
එක සිතින් බැඳුනාවු
අරුමයක් පෙන්නාපු
ප්‍රේමයක් දලුලාපු.........

දුටිමි මම තරුණයෙක්.......
පරම පෙම අහිමි වුණු
ඒනයින් විඳවාපු
බලන උන් හඬවාපු
ජීවිතය එපා වුණු
රජෙක් සුණු විසුනු වුණු.........

දුටිමි මම තරුණයෙක්.......
අහිමි පෙම ගැන සිතපු
ඇතුලතින් මිය ගියපු
මනස තම නතු නොවුණු
මතම දිවි පෙවෙත වුණු
අකාලයේ මිලින වුණු.......

..........මධු.......🖤

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dutimi Mama Tharunayek Song Lyrics - දුටිමි මම තරුණයෙක් ගීතයේ පද පෙළ Dutimi Mama Tharunayek Song Lyrics - දුටිමි මම තරුණයෙක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 28, 2021 Rating: 5

0 comments:

Post a Comment