Karadiya Gambure Thunyama Song Lyrics - කරදිය ගැඹරේ තුන්යම ගීතයේ පද පෙළ

Karadiya Gambure Thunyama Song Lyrics - කරදිය ගැඹරේ තුන්යම ගීතයේ පද පෙළ
Song Title : Karadiya Gambure Thunyama (කරදිය ගැඹරේ තුන්යම)
Singing : Edward Jayakody (එඩ්වඩ් ජයකොඩි මහත්මා)


කරදිය ගැඹරේ තුන්යම ගෙවුනේ
නුඹගේ දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල් අත්පා යදඬු කරන්නයි
කිරිකැටි පුතුනේ කිරිකැටි පුතුනේ

අව්වට වැගිරෙන දාදිය වැස්සේ
කළුගල් තලලා මහමං තැනුවේ
නිවහල් ලොවකට නුඹට වඩින්නයි
කිරිකැටි පුතුනේ කිරිකැටි පුතුනේ

දුම් රොටු අතරේ කම්මල් ඇතුළේ
දැතිරෝදෙට ගත ජීවය දුන්නේ
නව මිනිසෙකු නව ලොවට පුදන්නයි
කිරිකැටි පුතුනේ කිරිකැටි පුතුනේ

කරදිය ගැඹරේ තුන්යම ගෙවුනේ
නුඹගේ දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල් අත්පා යදඬු කරන්නයි
කිරිකැටි පුතුනේ කිරිකැටි පුතුනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Karadiya Gambure Thunyama Song Lyrics - කරදිය ගැඹරේ තුන්යම ගීතයේ පද පෙළ Karadiya Gambure Thunyama Song Lyrics - කරදිය ගැඹරේ තුන්යම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 25, 2021 Rating: 5

0 comments:

Post a Comment