Hade Kothanaka Ho Song Lyrics - හදේ කොතැනක හෝ ගීතයේ පද පෙළ

Hade Kothanaka Ho Song Lyrics - හදේ කොතැනක හෝ ගීතයේ පද පෙළ
Song Title : Hade Kothanaka Ho (හදේ කොතැනක හෝ)
Singing : Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ මහත්මා)

හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හස රැහැනින්
පෙළයි මා
මුදා සුව දැහැනින්

හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හස රැහැනින්
පෙළයි මා
මුදා සුව දැහැනින්

සයුර ඉම රත් සිතිජ රේඛාවේ
මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ
තලා මා සිත පලා ගිය ඔබ දවයි මා අද
තනිවෙනා මොහොතින්

හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හස රැහැනින්
පෙළයි මා
මුදා සුව දැහැනින්

උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
ඉනූ කඳුලද සිඳෙන්නට පෙර යදින්නම්
ඔබ මැකී යනු මතකෙන්

හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හස රැහැනින්
පෙළයි මා
මුදා සුව දැහැනින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hade Kothanaka Ho Song Lyrics - හදේ කොතැනක හෝ ගීතයේ පද පෙළ Hade Kothanaka Ho Song Lyrics - හදේ කොතැනක හෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 05, 2021 Rating: 5

0 comments:

Post a Comment