වයසට යාම වළක්වන වසර සිය ගණනක් ජීවත් විය හැකි හිමායන නින්ද මොකද්ද ?...😴 (Cryonics and Cryo-sleep)

වයසට යාම වළක්වන වසර සිය ගණනක් ජීවත් විය හැකි හිමායන නින්ද මොකද්ද ?...😴 (Cryonics and Cryo-sleep) - Your Choice Way
මොකද්ද මේ හිමායනය - හිමායන නින්ද හෙවත් ශිශිර තාරකා නින්ද ?(Cryonics and Cryo-sleep)

මේ සංකල්පය කරලියට එන්නේ විද්‍යා ප්‍රබන්ධ කතා හා චිත්‍ර පටි තුළිනි.වර්තමානයේ මිනිස් ආයුෂ උපරිමය වසර 100 වගේ වෙන්නේ.නමුත් ඉතා දීර්ඝ ගැඹුරු අභ්‍යවකාශ ගමනකදී වසර 100 ක් ඉතාමත් සුළු කාලයක්.එසේ නම් දැනට පවතින තාක්ෂනය යටතේ ගගනගාමියෙක් ට වසර 100 ක් යන ගණනකට සහභාගී වෙන්න බැහැ.මොකද ඔහු වයසට ගිහින් මිය යනවා.එසේ නම් මේකට විසදුමක් අවශ්‍ය වෙනවා. ඒ වයසට යෑම නැවතීම යි.මේ සඳහා විසදුමක් පැමිණියේ පවතින හිමායන සංරක්ෂණ යටතේ Cryo- Preservation සංකල්පය මගිනි.

හිමායන සංරක්ෂණය තුළින් කරන්නේ විවිධ රසායනික හේතූන් මත විනාශ වීමට වැඩි ඉඩක පවතින සරල,අවයව ඉතාමත් අවම උෂ්ණත්වයක් යටතේ ගබඩා කිරීමයි. සාමාන්‍යයෙන් කාබන්ඩයොක්සයිඩ් යොදාගෙන සෙල්සියස් අංශක - 80 උෂ්ණත්වයක් යටතේ ද,නැතිනම් නයිට්රජන් යොදාගෙන සෙල්සියස් අංශක -196 වැනි අවම උෂ්ණත්වයක් යටතේ සංරක්ෂණය කිරීමයි.

මෙලෙස කුඩා හා සරල අවයව ගබඩා කළ හැකි අයුරින්ම මිනිස් සිරුර ම සංරක්ශනය කළ හැකිද ? යන්න ගැටලුවක් පැන නැඟුණේ මීට වසර 60 ට පමණ ඉහතදී ය. එසේ කළ හැකි බව දැන ට ම සොයාගෙන අවසන්.

මෙය හදුන් වන්නේ හිමායන ය ලෙසයි.සුව කිරීමට නොහැකි ලෙඩ ඇති රෝගියෙක්ට තමාව හිමයනය කරන ලෙස ඉල්ලා සිටිය හැක.එහි අරමුණ අනාගතයේ එම රෝගයට පිළියමක් සොයා ගත් විට ,අර සිරුර නැවත පණ ගන්වා රෝගය සුව කළ හැකි වේවි යන මතයේ සිටය.නමුත් ගැටලුව වන්නේ පවතින තාක්ෂණය යටතේ එසේ කිරීමට අසීරු වී ඇත.ඒ අනුව යමෙක් හිමායන තත්ත්වයට පත් කරන්නේ නම් එය නීතිමය වශයෙන් මරණයක් සිදු කිරීමකි.

ලෝකයට ප්‍රසිද්ධ කර ඇති පරිදි තවම පර්යේෂණ මට්ටමේ බව පවසයි. බොහෝ විට දැනටම රහසී ගතව සිදු කොට සාර්ථක වීමට හැකියාව නැත කියන්න ට අපට නොහැක.ජාන තාක්ෂණය යොදාගෙන සුපිරි සොල්දාදුවන් නිර්මාණය කිරීමේ පර්යේෂණ කරනවානම් ,මෙය විය නොහැකි යැයි අපිට කිව නොහැකිය.ඇත්තේ සදාචාර විරෝධී හා නීතිමය බාධා ගැටළු පමණි.

ප්‍රථම වතාවට හිමායන යට ලක් කළ සිරුර ආචාර්ය මේස් බෙඩ් ෆෝඩ් ය.ඒ 1967 තරම් අතීතයේ ය.මේ වන විට ඇමරිකා එකස්ත් ජනපදයේ පමණක් සිරුරු 250 ක් පමණ හිමායන ය කර ඇති බව පැවසේ. මෙය අපට ඊජිප්තු හා පුරාණ ශිෂ්ටාචාර වල මාමීකරණ ය සිහිගන්වයි.

මෙයින් වැඩි දියුණු වූ සංකල්ප යක් වන්නේ හිමායන නින්දයි.( Cryo-sleep).මෙහිදීද සිරුර අවම උෂ්ණත්වයක ගබඩා කරයි.මෙහිදී ඔබ නින්දකට ගියා හා සමාන වන්නේ ,ඔබ නැවත අවදි වන නිසා පමණි.නැත්නම් අනික් සෑම කරුණක්ම මරණයට සමීපය.ඔබ සිහින දකින්නේ නැත.ආහාර ජලය අවශ්‍ය නැත.ඔබ සිරුර වයසට යමක් සිදු වන්නේ ද නැත.හේතුව සරල ක්‍රියාත්මක නොවීමයි.නමුත් තාක්ෂණයේ දියුණුවත් සමඟ මෙය කළ නොහැකි දෙයක් නොවනු ඇත. ඉතා දීර්ඝ අභ්‍යවකාශ චාරිකා සඳහා මෙම ක්‍රමවේදය අවශ්‍යම වේ. ඒ නිසා එය සාර්ථක කර ගැනීම කළ යුත්තකි....පුදුම ලෝකය
වයසට යාම වළක්වන වසර සිය ගණනක් ජීවත් විය හැකි හිමායන නින්ද මොකද්ද ?...😴 (Cryonics and Cryo-sleep) - Your Choice Way

වයසට යාම වළක්වන වසර සිය ගණනක් ජීවත් විය හැකි හිමායන නින්ද මොකද්ද ?...😴 (Cryonics and Cryo-sleep) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වයසට යාම වළක්වන වසර සිය ගණනක් ජීවත් විය හැකි හිමායන නින්ද මොකද්ද ?...😴 (Cryonics and Cryo-sleep) වයසට යාම වළක්වන වසර සිය ගණනක් ජීවත් විය හැකි හිමායන නින්ද මොකද්ද ?...😴 (Cryonics and Cryo-sleep) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 28, 2021 Rating: 5

0 comments:

Post a Comment