Bulath Amma Song Lyrics - ‎බුලත් අම්මා ගීතයේ පද පෙළ

Bulath Amma Song Lyrics - ‎බුලත් අම්මා ගීතයේ පද පෙළ
Song Title : Bulath Amma (බුලත් අම්මා)
Lyrics : Samitha B. Atuwabendela


දූවිලි මඩපුවක් ගෙඩි
කැරකි කැරකී හමා යයි
සැඩ අව්ව ගිරයට
නගරය ම හසු ව ඇත

උළා බුලත් කොළයෙහි
හමගැහුණු අතීතය
තලුමරන මහලු කිරිමව
හතරමං හන්දියේ
අම්බලමක් සේ ම වාඩි වී
අමුර්තය විකුණන !

කැමරා එළියකට හසු ව
ඡායා රූපයක් වී
ආදරේ නහර වැල් පෙන්නමින්
රැය පුරා
කලාගාරයේ නිදිමරන්නී
උදේ පාන්දර
මළකඩ කෑ කිලිටි දත් ටිකෙන්
නොකිලිටි හිනාවක්
සුරුවමට වඩාගන්නී

සීනුව වදින කොට
ප්‍රාථමික ඉස්කෝලෙ ගේට්ටුව ළඟ
නවතියි ඇස් දෙක
අනුන්ගේ දරුවන් දකින සඳ
මුණුබුරාගේ රූපයෙන්
අඟලින් අඟල පිරීයයි හදවත

පින්තාලියක් වී හිටගෙන
වන සතුන් හැමෝට ම
ආදරේ මව්කිර තනන්නී
කිල්ලෝට ලෝකයේ
හුදකලා වන්නී

බඩගින්න
ගෝනිකටු අනින කුසපොත්ත
ඉනිකෝටු අත් දෙකෙන් ඔසවගෙන
බුලත් විටක් විකුණා ගන්ට
අනේ මද්දහනෙ පාරමිතාවක් පුරන්නී !

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bulath Amma Song Lyrics - ‎බුලත් අම්මා ගීතයේ පද පෙළ Bulath Amma Song Lyrics - ‎බුලත් අම්මා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 14, 2021 Rating: 5

0 comments:

Post a Comment