සමේ රෝග නසන ඇත්තෝර 🌿🌿 (Aththora)

සමේ රෝග නසන ඇත්තෝර 🌿🌿 (Aththora) - Your Choice Way
✅ආයුර්වේදයේ චක්‍රමර්ද යන නමින් ද ඉංග්‍රීසි භාෂාවෙන් Ring worm plant යන නමින් ද හැඳින්වේ. මෙහි විද්‍යාත්මක නාමය වන්නෙ Cassia alata ය.

✅Leguminosae කුළයට අයත් මේ ශාකය  උෂ්ණ තෙතමනය සහිත නිවර්තන කලාපීය රටවල කිසිම සාත්තුවකින් තොරව හොඳින් වැඩේ. ලංකාවේද නුවරඑළිය වැනි ප්‍රදේශ හැර බොහෝ ප්‍රදේශ වල හොඳින් වැඩෙන ශාකයකි.

✅මෙම ශාකය 5m පමණ උස්ව තරමක් විශාලව පඳුරු ආකාරව වැඩේ. සංයුක්ත පත්‍ර පිහිටයි. පත්‍රයක පත්‍රිකා යුගල් 6-14 පමණ දක්නට ලැබේ

✅පුෂ්ප මංජරියක පෙති 5 ක් සහිත කහ පැහැ මල් දක්නට ලැබේ. 

✅ ඵලය කරලක් වන අතර එහි බිජ පවතී. බීජ දුඹුරු පාට ය. ත්‍රිකෝණාකාර ය.

✅ ඖෂධ පිණිස මෙම ශාකයේ පත්‍ර, , බීජ හා මුල් ගනී. 

✅මෙහි පත්‍ර වල ඇති කුෂ්ඨ හා  කැසීම් සුව කිරීමේ ගුණයත් විෂ හරනය කිරීමේ විස්මිත ගුණයත් නිසා දද , කුෂ්ඨ, පොතුකබර ඇතුළු සමේ රෝග වලදී  ඉතා වටිනා ඖෂධයක් ලෙස හැඳින්විය හැක. 

✅මෙහි ඇති විරේචන ගුණය නිසා පණු රෝග වලදීත් විශේෂයෙන්ම වට පණු රෝග ( ring worm infection ) වලදී යොදා ගත හැක.

✅ පක්ෂාඝාත, අර්ධිත ( facial paralysis ) වැනි ස්නායු රෝග වලට ප්‍රතිකාරයේදී ද මේ ශාකය යොදා ගැනේ.

✅ ඇත්තෝර ශාකය හෘදයට හිතකර නිසාවෙන් හෘද් රෝග වලදී ද ආයුර්වේද ප්‍රතිකාරයේ යොදා ගැනේ.

✅මෙහි ඇති කඵ නිස්සාරක ගුණය නිසාවෙන් කැස්ස , ඇදුම වැනි ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගයන්හිදී යොදා ගැනෙන ඖෂධ නිෂ්පාදනයට ඇත්තෝර ශාකය යොදා ගනී.

✅අත්බෙහෙත් ලෙස...
🌿ඇත්තෝර වල බැදපු බීජ තේ, කෝපි වැනි පානයක් ලෙස ද යොදා ගත හැක.
🌿 කුෂ්ඨ, දද අවස්ථාවන්හිදි ඇත්තෝර කොළ කොටා ගන්නා යුෂ ආලේප කළ හැක.
🌿පණු රෝග වලදී ඇත්තෝර කොළ කලවං මැල්ලුමට යොදා ගත හැක.
🌿වට පණු රෝග,වලදී ( ring worm infection ) ඇත්තෝර බීජ රාබු අල ඉස්මෙන් අඹරා  ආලේපය සඳහා යොදා ගත හැක
🌿 ඉරුවාරදය (migrain) සඳහා පත්‍ර විනාකිරි හෝ මුදවපු කිරි වලින් අඹරා ආලේප කළ හැක.

විශ්මිත හෙළ ඔසු
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සමේ රෝග නසන ඇත්තෝර 🌿🌿 (Aththora) සමේ රෝග නසන ඇත්තෝර 🌿🌿 (Aththora) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 23, 2021 Rating: 5

0 comments:

Post a Comment