අතිරස කැව්ම් හදමු - සිංහල අවුරුදු කෑම ( Athirasa Kawum [ Athirasa Kaum ( Kawum ( Kaum ) ] Hadamu - Sinhala Awurudu Kama )

අතිරස කැව්ම් හදමු - සිංහල අවුරුදු කෑම ( Athirasa Kawum [ Athirasa Kaum ( Kawum ( Kaum ) ] Hadamu - Sinhala Awurudu Kama ) - Your Choice Way
සුබ අලුත් අවුරුද්දට හැම කැවිලි වර්ගයක්ම රසට හරියට හදමු.ක්‍රම කීපයකටම කියලා දෙනවා

✅ වැදගත්:

හාල් කප්පි යනු හාල් කොටලා ඉතිරි වන කෑලි තියනවනේ අන්න ඒවා.

පළමු ක්‍රමය ✅ අවශ්‍ය ද්‍රව්‍ය:

  • හාල් පිටි 250g
  • හාල් කප්පි 25g
  • පැණි කෝප්ප 01
  • සීනි 50g
  • ලුණු තේ හැඳි 1/4
  • වැනිලා තේ හැඳි 01
  • සූදුරු ඇට තේ හැඳි 1/2
  • බැදිමට පොල් තෙල්

✅ සාදන ක්‍රමය:

  1. මුලින්ම අපි කප්පි කියන්නේ මොනවද හදාගන්නේ කොහොමද කියලා බලමු.හාල් පිටි කොටලා ඉතිරි වන කෑලි තමයි කප්පි කියන්නේ මේ ටික කබලෙ බැදගන්න. 
  2. පැණි හා සීනි එකට එකතු කර හැදි ගාමින් උනුකර ගන්න.
  3. පස්සේ හාල් පිටි හා කප්පි ,සීනි ,සූදුරු ,ලුණු චූට්ටක් දමා හැදිගාන්න භාජනේ නොඇලෙන පදමට එනකම් හැදිගාන්න.
  4. පස්සේ යකඩ භාජනයකට පිටි මිශ්‍රණය දමා හොදට ලන්සීට් එකකින් වහලා තියලා කෙසෙල් කොළයක් අරගෙන පොල් තෙල් ටිකක් ගාලා පිටි මිශ්‍රණයෙන් ටිකක් අරගෙන බෝලයක් හදලා කෙසෙල් කොලයෙ තියලා ඇගිලි තුඩු වලින් තුනී කරන්න මෙ විදිහට පිටි මිශ්‍රණයෙන් කැව්ම් ටික හදන්න. 
  5. ගැඹුරු තෙල් එකක් රත් කර හදාගත් කැව්ම් ටික දමා ගැඹුරු තෙලෙ දෙපැත්තම රන්වන් පාටට බැදගන්න.

දෙවන ක්‍රමය ✅ අවශ්‍ය දේවල්:

  • හාල් පිටි 250g
  • කිතුල් පැණි කෝප්ප 01
  • වතුර කෝප්ප 1/2
  • පොල් තෙල්
  • තල ඇට ටිකක්
  • බැදගත් හාල් කප්පි 50g

✅ සාදන ක්‍රමය:
  1. කිතුල් පැණි ලිපතබා කලවම් කරන්න ඒ පැණි නටන විට හාල් කප්පි ටික දමා හොදට මිශ්‍ර කරන්න.
  2. මෙලෙක් වෙනකම් මිශ්‍ර කර පස්සේ බාගෙන එයට තල ඇට දමා හාල් පිටි ටික ටික දමමින් හෙදින් අනාගන්න.
  3. වතුර කෝප්ප 1/2 ගෙන එයට අනාගත් පිටි මිශ්‍රණයෙන් මේස හැදි 1/2ක් දමා ⁣රත්කර උකු කර අනාගත් පිටි මෝලියට ටික ටික දමා පිටි මිශ්‍රණය දියාරු නොවෙන්න පිටි මෝලියක් හදා ගන්න. 
  4. ඊලඟට අත් දෙකේ පොල් තෙල් ටිකක් ගාගෙන පිටි මිශ්‍රණය පොඩි බෝල හදා තුනිකර මධ්‍යම ප්‍රමාණයේ ගින්දරේ ගැඹුරු තෙලෙ රන්වන් පාටට කැව්ම් දෙපැත්තම බැදගන්න.

තෙවන ක්‍රමය ✅ අවශ්‍ය ද්‍රව්‍ය:

  • හාල් පිටි 500g
  • හාල් කප්පි 50g
  • ලුණු චුට්ටක්
  • පැණි බෝතල් 1/2
  • සීනි 250g
  • එනසාල් ඇට කුඩු ටිකක්

✅ හදන ක්‍රමය:

  1. හාල් කප්පි ටික කබලේ බැදගන්න. සීනි හා පැණි එකට දමා හොදට උනු කර ගන්න. 
  2. එයට හාල් පිටි ,හාල් කප්පි , ලුණු චූට්ටක් එනසාල් දමා හොදට පැත්තක් ආදාරයෙන් හැදිගාන්න හොදට හැදිගාලා භාජනයකට දමා එම භාජනයට වතුර අඬු කෝප්ප 1 1/2 දමා උනුකර කැඳයක් හදා අනාගත් පිටි මිශ්‍රණයට දමා මෙලෙක් පිටි මෝලියක් හදා ගන්න. 
  3. කෙසෙල් කොළයක තෙල් ටිකක් ගාලා පොඩි බෝල හදලා තුනි කර ගැඹුරු තෙලෙ දෙපැත්තම රන්වන් පාටට බැදගන්න .
කාංචනා ජයවර්ධන

අතිරස කැව්ම් හදමු - සිංහල අවුරුදු කෑම ( Athirasa Kawum [ Athirasa Kaum ( Kawum ( Kaum ) ] Hadamu - Sinhala Awurudu Kama ) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අතිරස කැව්ම් හදමු - සිංහල අවුරුදු කෑම ( Athirasa Kawum [ Athirasa Kaum ( Kawum ( Kaum ) ] Hadamu - Sinhala Awurudu Kama ) අතිරස කැව්ම් හදමු - සිංහල අවුරුදු කෑම ( Athirasa Kawum [ Athirasa Kaum ( Kawum ( Kaum ) ] Hadamu - Sinhala Awurudu Kama ) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 19, 2021 Rating: 5

0 comments:

Post a Comment