Adure Madiyame Song Lyrics - අඳුරේ මැදියමේ ගීතයේ පද පෙළ The Romantic Opera [2009]

Adure Madiyame Song Lyrics - අඳුරේ මැදියමේ ගීතයේ පද පෙළ The Romantic Opera [2009]
Song Title : Adure Madiyame (අඳුරේ මැදියමේ)
Singing : Kasun Kalhara (කසුන් කල්හාර මහත්මා)


අඳුරේ මැදියමේ
නිදි වරා
වැපිරූ සිහිනේ
කඳුළු අතුරා
පුළිඟු සැඟවූ සිහිනේ

මොහොතක් ගැවසෙන්න
අහම්බෙන්වත් හමුවී යමුද
වචනයක් කියනවද
තව එක දවසක් ගෙවා ගන්න

සිහින අතැර ගිය ජීවිතේ
මරණ ආගාධයේ තනිකමේ
හිඳිමි මම
ඔබද එය දන්නවා
සිහින සොහොන ළඟ ජීවිතේ
නොමළ සිත සමග තනිකමේ
හිඳිමි මම
ඔබද එය දන්නවා

මොහොතක් ගැවසෙන්න
අහම්බෙන්වත් හමුවී යමුද
වචනයක් කියනවද
තව එක දවසක් ගෙවා ගන්න

සොඳුරු ලෝකාන්තය මුදුනතේ
මතක භශ්මයන් හද දරා
හිඳිමි මම
ඔබද එය දන්නවා
නොඑනා සෘතුවක බර දරා
අහිමි හුස්මකට ළය අයා
හිඳිමි මම
ඔබද එය දන්නවා

මොහොතක් ගැවසෙන්න
අහම්බෙන්වත් හමුවී යමුද
වචනයක් කියනවද
තව එක දවසක් ගෙවා ගන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adure Madiyame Song Lyrics - අඳුරේ මැදියමේ ගීතයේ පද පෙළ The Romantic Opera [2009] Adure Madiyame Song Lyrics - අඳුරේ මැදියමේ ගීතයේ පද පෙළ The Romantic Opera [2009] Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, February 22, 2021 Rating: 5

0 comments:

Post a Comment