Wasan Wana Sanda Walakulakata Song Lyrics - වසන් වන සඳ වලාකුළකට ගීතයේ පද පෙළ

Wasan Wana Sanda Walakulakata Song Lyrics - වසන් වන සඳ වලාකුළකට ගීතයේ පද පෙළ
Song Title : Wasan Wana Sanda Walakulakata (වසන් වන සඳ වලාකුළකට)
Singing : Victor Rathnayaka (වික්ටර් රත්නායක මහත්මා)

වසන් වන සඳ වලාකුළකට
හඬා වැටුනට තාරකාවක්
ආයේ එන්නේ නෑ...
හිතින් යන - අය අතින් අල්ලා
නවත්තන්නට බෑ...
හිතින් යන අය - අතින් අල්ලා
නවත්තන්නට බෑ...

මවා දී තරු රටා අහසේ..
සිනා සී වුන් තරු කිනිත්තෙන්..
මලානික වූ පුංචි තරුවක්..
පොලෝ තලයට කඩා වැටුනා..
සරා සඳකට දරාගන්නට බෑ..

හිතින් යන - අය අතින් අල්ලා
නවත්තන්නට බෑ...
හිතින් යන අය - අතින් අල්ලා
නවත්තන්නට බෑ...

නිවී යන තරුවක කතාවේ..
බිඳී ගිය මතකයේ සැමරුම්..
හිතේ ගැඹුරුම තැන තියාගෙන..
ආදරේ ඉකි බිඳුම් ඇසුනා..
මලානික ඇස් හිනාවෙන්නේ නෑ...

හිතින් යන - අය අතින් අල්ලා
නවත්තන්නට බෑ...
හිතින් යන අය - අතින් අල්ලා
නවත්තන්නට බෑ...

වසන් වන සඳ වලාකුළකට
හඬා වැටුනට තාරකාවක්
ආයේ එන්නේ නෑ...
හිතින් යන - අය අතින් අල්ලා
නවත්තන්නට බෑ...
හිතින් යන අය - අතින් අල්ලා
නවත්තන්නට බෑ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wasan Wana Sanda Walakulakata Song Lyrics - වසන් වන සඳ වලාකුළකට ගීතයේ පද පෙළ Wasan Wana Sanda Walakulakata Song Lyrics - වසන් වන සඳ වලාකුළකට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 25, 2021 Rating: 5

0 comments:

Post a Comment