Song Title : Sithin Vitharak (සිතින් විතරක්)
Singing : Ajith Bandara (අජිත් බණ්ඩාර මහත්මා)
සිතින් විතරක් ලංවෙලා අහිමි බව දැන පෙම් කලා
නොසිතු මොහොතක රණ්ඩු වී සිත
ඔබව ඉල්ලලා බල කලා //
ඇසිපියන් යට මගේ සිහින හංගා පාඩුවේ
ලං වුණේ මම නොවේ යටි හිතයි ලං වුණේ
මගේ යැයි හැගිලා හදේ ඉඩ සෙව්වා
මට ඉඩක් නැති නිසා
හඩයි සිත මා රෑ පුරා
තෙතමනේ නැති හිතේ
නැතුව ඇති මට ආදරේ
වැරදි මා ඔබ නොවේ
වරද සැමදා මගේ අතේ
මගේ යැයි හැගිලා හදේ ඉඩ සෙව්වා
මට ඉඩක් නැති නිසා
හඩයි සිත මා රෑ පුරා
සිතින් විතරක් ලංවෙලා අහිමි බව දැන පෙම් කලා
නොසිතු මොහොතක රණ්ඩු වී සිත
ඔබව ඉල්ලලා බල කලා //
0 comments:
Post a Comment