Sigiri Ladune Song Lyrics - සීගිරි ලදුනේ ගීතයේ පද පෙළ

Sigiri Ladune Song Lyrics - සීගිරි ලදුනේ ගීතයේ පද පෙළ
Song Title : Sigiri Ladune (සීගිරි ලදුනේ)
Lyrics : Dulani Chamalka (දුලනි චමල්කා)

ධාතුසේන මහ නිරිදුගේ දෙටුපුතු වූ
කස්සප කුමරු විය අති බිහිසුණු වූ
ගන්නට රාජධානිය පිය රජු කර වූ
සැහැසිව පිය රජතුමා මරවා දැම වූ

කාලය ගතවෙලා දින දින ගෙවෙද්දි
තමා කරපු පාපය සිහි කරද්දි
මුගලන් කුමරු හා නිතරම ගැටෙද්දි
කස්සප කුමරු පැන යයි සිත දවද්දි

සීගිරි ගලේ තැනුවේ මාලිගාවයි
ආලක මන්දාව විය ඒ මාලිගාවයි
කස්සප කුමරු රජ වූ මාලිගාවයි
සැගවී සිටිය අපූරු මාලිගාවයි

සීගිරි ළඳුන් ඇත බිති සිතුවම් වීලා
පිදුරංගල වැදුමට යන සැරසීලා
මල් මාලා මල් සැරසිලි ඔසවාලා
යන්නේ වැදපුදා ගන්නට පේවීලා

මේඝ ලතා නිල්වන් පාටින් බබලයි
ගිජ්ජුලතා රන්වන් පැහැයෙන් බබලයි
සිනිදු සේල ගත දවටා  සරසාලයි
සීගිරි ළඳුන් සුකුමාලයි වත බබලයි

අතීතයේ සිරිලක් බිම පහල වුනු
රජ දරුවන් මිනිසුන් සැම ඉදි කරවූ
මෙවැනි විකුම් දැකුමට වාසනා ලැබූ
අපගේ යුතුකමයි එය සැමදා රැක ගනිමු..

දුලා..✍️
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sigiri Ladune Song Lyrics - සීගිරි ලදුනේ ගීතයේ පද පෙළ Sigiri Ladune Song Lyrics - සීගිරි ලදුනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 04, 2021 Rating: 5

0 comments:

Post a Comment