Guru Dewiwaruni Song Lyrics - ගුරු දෙවිවරුනි ගීතයේ පද පෙළ

Guru Dewiwaruni Song Lyrics - ගුරු දෙවිවරුනි ගීතයේ පද පෙළ
Song Title : Guru Dewiwaruni (ගුරු දෙවිවරුනි)
Lyrics : Dulani Chamalka (දුලනි චමල්කා)

සිප්කිරි පොවන්නට සැමදා උදෑසනින්
පාසල වෙතට පියනගනා ගුරු දෙවිදුන්
සිසු දරු කැලගෙ යහපත සැමදා දකිමින්
නිබඳව රැක ගනී තම දරුවන් සේ සිතමින්

පාසල් මවගේ තුරුලට ආ මුල්ම දිනේ
ඇඬුවා මතක් වී මාපිය රැකවරනේ
දුකක් දැනෙන්නට නොම දී රැකවරනේ
ගුරු මව් පියවරුන් සිටියා සෙනෙහසිනේ

ආදරනීය ඔවදන් නිබඳව දෙමිනේ
පාමින් සෙනෙහේ දරුවන් වෙත සන්තොසිනේ
අනාගතේ දිනා ගන්න අත දෙමිනේ
සලසාලන්නේ දරුවන්ගේ රැකවරනේ

විටෙක දඬුවමක් දෙන්නේ ආදරයෙන්
බැනුමක් බනින්නේ දරුවට ආදරයෙන්
සිප්කිරි පොවන්නේ සැමටම ආදරයෙන්
ගුරු දෙවිවරුන් ඇත සැමදා ආදරයෙන්

පලමු දිනේ එක වසරට ආපු දිනේ
ඇඬුවත් යන්න නිවසට ඒ මුල්ම දිනේ
අවසන් වසරේ අන්තිමටම ගෙවුණු දිනේ
අඩා වැළපුණේ සමු ගන්නට එදිනේ

ඔබ කරනා සේවය නම් නිමක් නැති
සිතාගන්න මට නම් කිසි දින නොහැකි
ගුරු දෙවිවරුන් සැම හට පුද කෙරුව හැකි
උපහාරයක් වේවා මෙය පිදිය හැකි

දුලා..✍️
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Guru Dewiwaruni Song Lyrics - ගුරු දෙවිවරුනි ගීතයේ පද පෙළ Guru Dewiwaruni Song Lyrics - ගුරු දෙවිවරුනි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 04, 2021 Rating: 5

0 comments:

Post a Comment