Mage Irabata Tharuwa Song Lyrics - මගේ ඉරබටු තරුව ගීතයේ පද පෙළ

Mage Irabata Tharuwa Song Lyrics - මගේ ඉරබටු තරුව ගීතයේ පද පෙළ
Song Title : Mage Irabata Tharuwa (මගේ ඉරබටු තරුව)
Lyrics : Malshi Senadheera (මල්ෂි සේනාධීර)

හදවතම එකලු කළ
නුඹ නමින් ජනිත වුණ
සුවහසක්  හැගුම් පොදි
නුඹ නමින් කවි කෙරුව

ස්වප්නෙක දැවටෙමින්
නෙත් පියවු හැම වරෙක
හීන හැම හැඩ කෙරූ
මගේ ඉරබටු තරුව

විඩාපත් දා හිතට
සතුටු පොද වැහි අරන් 
මා නමින් අහස සේ
හිත් ඉමේ නුඹ උන්න

යායකින් මල් ගොමු
සුවද කැවූ මුදු සුවද
තවරමින් ඒ සුවද
සුගන්ධය මට දුන්න

අතුපතර විහිදෙමින්
කාන්සිය දාහයන් 
නිවලුව විසල් වූ 
නුග රැකක සෙවන නුඹ

සන්තාප දවාලූ
තුහින පොද වැහි අරන්
සිත් අහස එළිය කළ
මගේ සදමඩළ නුඹ

පපුතුරේ උණුහුමින්
 දවා මගෙ සියොළගම 
සංසාර සක්මනක
නුඹවමයි මා පැතුව

උරහිසක හිස හොවන
සන්තාප දුර දුරක
ඉන්න හැකි මුලු දිවිය
පියවෙනා තුරු දෙනෙත

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Irabata Tharuwa Song Lyrics - මගේ ඉරබටු තරුව ගීතයේ පද පෙළ Mage Irabata Tharuwa Song Lyrics - මගේ ඉරබටු තරුව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 04, 2021 Rating: 5

0 comments:

Post a Comment