පොලොස් කට්ලට් (Polos Cutlet)

පොලොස් කට්ලට් (Polos Cutlet) - Your Choice Way

අවශ්‍ය ද්‍රව්‍ය:

  • පොලොස් ගෙඩි 1 
  • චොප්කරගත් රතුළූණු ගෙඩි 2
  • චොප්කරගත් අමුමිරිස් කරල් 2
  • චොප්කරගත් සුදුළූණු ටිකක්
  • ලුණු
  • ගම්මිරිස්කුඩු
  • දෙහි යුෂ ස්වල්පයක්
  • කරදමුංගු කුඩු ස්වල්පයක්
  • කරපිංචා ස්වල්පයක්
  • පාන් කුඩු ග්‍රෑම් 100
  • බිත්තර 1
  • තෙල් ස්වල්පයක්

සාදන ආකාරය:

  1. පොලොස් ගෙඩිය පොතු ඇරල කපලා තම්බලා වතුර මිරිකලා අරන් පොඩිකරගන්න.
  2. මේකට ලුණු, ගම්මිරිස්කුඩු, අමුමිරිස්, රතුළූණු, සුදුළූණු, කරදමුංගු දමා හොඳින් අනාගන්න.
  3. තෙල් ස්වල්පයක් ලිපේ තියලා රත්වෙනකොට කරපිංචා එකතු කරලා හදාගත්ත මිශ්‍රණය දාල හොඳට තෙම්පරාදු කරගන්න.
  4. අතේ නොඇලෙන ගාණට මිශ්‍රණය තියෙන්න ඕනේ. 
  5. මේකෙන් පොඩි බෝල හදාගෙන බිත්තර සාරු හා පාන්කුඩු වල දවටලා ගැඹුරු තෙලේ බැදගන්න.

ලේඩි බර්ඩ්
පොලොස් කට්ලට් (Polos Cutlet) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පොලොස් කට්ලට් (Polos Cutlet) පොලොස් කට්ලට් (Polos Cutlet) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 08, 2021 Rating: 5

0 comments:

Post a Comment