Piya Senehe Song Lyrics - පිය සෙනෙහේ ගීතයේ පද පෙළ

Piya Senehe Song Lyrics - පිය සෙනෙහේ ගීතයේ පද පෙළ
Song Title : Piya Senehe (පිය සෙනෙහේ)
Lyrics : Dulani Chamalka (දුලනි චමල්කා)

අම්මාවරුන් දස මස කුස දැරුවත් 
නිබඳව දරුවගේ බර ඉවසා සිටීයත්
දරු පැටියව ආදරයෙන් රැකූවත්
පියතුම සෙනෙහෙ දෙයි නොදොඩා සිටීයත්

දරු පැටියා මව් කුසයට පැමිනි දිනේ
අම්මා සේම අප්පච්චිත් සතුටු උනේ
පැටියගෙ පහස නොදැනුන මුත් ගතට අනේ
සිත තුල රජ කරයි දහසක් පැතුම් සෙනේ

දිව රෑ නිදි වරා වැඩ කරමින් නිබදේ
කුස පුරවා ගන්නටවත් ඉඩ නොලැබේ
දරු පැටියා සිහි කරමින් දුක් වින්දේ
ඔබමයි පියතුමනි දරු පෙම හද රැදුනේ

සිප් සත ලබා දී ජය මග පෙන්වාලා
අනාගතේ සරු කරමින් අත දීලා
හීන හැබෑ කරනා හැටි පෙන්වාලා
පියතුම බලා හිනැහෙයි පුතුගේ ජය දැකලා

සතුට රැඳුණේ අප්පච්චිගේ ඔය මුහුනේ
තම පුතු දිනෙන් දින ජය ලබනා මොහොතේ
සතුටින් පිරුණු කදුලැලි දිලිසී තිබුනේ
ඈතට වෙලා නිහඩව හසරැලි නැගුවේ

දරුවන් නිසා දුක් විදිනා අප්පච්චි
දරුවන් නිසා වයසට යන අප්පච්චී 
දරුවගෙ සතුට දකිනා කල අප්පච්චී 
දරුවට වඩා තුටු වෙයි අපෙ අප්පච්චි 

දරුවන් කෙරේ සෙනෙහස පා සසර මගේ
දුක් විදිනා කල පියවරු සසර මගේ
සියලු කෙලෙස් අහවර කර සසර මගේ
නිවනින් නිවේවා පියවරු සසර මගේ

දුලා..✍️
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Piya Senehe Song Lyrics - පිය සෙනෙහේ ගීතයේ පද පෙළ Piya Senehe Song Lyrics - පිය සෙනෙහේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 05, 2021 Rating: 5

0 comments:

Post a Comment