Nelum Pethi Wan Song Lyrics - නෙළුම් පෙති වන් ගීතයේ පද පෙළ

Nelum Pethi Wan Song Lyrics - නෙළුම් පෙති වන් ගීතයේ පද පෙළ
Song Title : Nelum Pethi Wan (නෙළුම් පෙති වන්)
Lyrics : Tharushi Jayasinghe (තරුෂි ජයසිංහ)

නෙළුම් පෙති වන් ඔබේ දෙකොපුල් 
සිම්ඹ දවසෙත් සිත් වුණා
වැරැද්දක් දෝ නුඹට මන් කළෙ
ඒ තරම් ගෞරව කළා

ඔබේ සුරතින් සෙමින් ඇල්ලුවෙ 
රිදෙන්නට ඉඩ නොතියලා
මගේ මැණිකව කෙළෙසවපු උන්
මදිද මම දැන් උල තියා

එකෙක්ගේ වම් කකුල කැඩුවා මැණික කොහෙදැයි බල බලා
රණහංස නොඉඳුල් සුමුදු ළැම 
අනේ දෙවියනි හීරිලා

ඇඟේ ඇඳුමක් නැතිව මමවත් 
නැහැනෙ මැණිකට නෙත යොමා
මෙහෙම තිරිසන් පාපතරයෙක්
ඇතිනෙ ජීවත් කරවලා

ඉවර කරලා උන්ව සේරම මැණික ළගටම දිව ගියා
මගෙ අත්ල මත අවසාන සුසුමත්
හෙළා ඇය යන්නට ගියා
 
පොලිස් කූඩුවෙ කූරු ගැන්නට
කාරි නැහැ මගෙ පණ නිසා
අනේ එල්ලුම් ගහට යවපන්
මම මොකද ජීවත් වෙලා

තරුෂි ජයසිංහ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nelum Pethi Wan Song Lyrics - නෙළුම් පෙති වන් ගීතයේ පද පෙළ Nelum Pethi Wan Song Lyrics - නෙළුම් පෙති වන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 03, 2021 Rating: 5

0 comments:

Post a Comment