Laga Kandulayi Song Lyrics - ලඟ කඳුලයි ගීතයේ පද පෙළ

Laga Kandulayi Song Lyrics - ලඟ කඳුලයි ගීතයේ පද පෙළ
Song Title : Laga Kandulayi (ලඟ කඳුලයි)
Lyrics : Thilak Dayasiri (තිලක් දයාසිරි)

සීතල පිනි ගාලා හැලෙන
මල් පෙතිවල රේනු මතට
සිත නලවන සුවඳ ගෙනෙන
මේ වගේ පැහැබර උදේක
ඔයා ලඟම තුරැලු වෙලා
හොර පූසෙක් වගේ ඉන්න......

ඔයා ඇවිත් කන හපලා
විකාර වැඩ කරනා විට
බොරැ තරහක් මවා රැගෙන
නෝක්කාඩුවක් කියන්න.........

තරහ නිවන්නට කියල
දාහක් දේ කියනා විට
හිනාව  හංගන්න බැරිව
මහ හය්යෙන් හිනා වෙන්න.....

ඔයා මූන නොරොක් කරන්
මට එක+ටෙක කරනා කොට
ලඟට අරන් කම්මුල සිප
කන රත්කලා තියන්න........

දෙකම්මුලට දෝත තබා
මගේ දෑසට ලංකරන්න
ඔය ලොකු ඇස් දෙකට තුලට එබී
ආදරයේ වග හොයන්න.........

හුදකලාව මගේ යහනේ
තනියම ඇස් වහන් දකින
මේ හීනෙට හරිම දුරයි
ඇස් යට කදුලකට ලඟයි......
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Laga Kandulayi Song Lyrics - ලඟ කඳුලයි ගීතයේ පද පෙළ Laga Kandulayi Song Lyrics - ලඟ කඳුලයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 03, 2021 Rating: 5

0 comments:

Post a Comment