කැටපෝලේ 😍 (Katapole)

කැටපෝලේ 😍 (Katapole) - Your Choice Way
දැන් හැදෙන කොල්ලන්ට වගේ නෙවෙයි… මට පොඩිකාලෙදි සරුංගල් පිස්සුව, රටමාළු පිස්සුව, මෝටර් වලින් බුදුරැස් මාලා කරකවන පිස්සුව, හුමාල බෝට්ටු හදන පිස්සුව, ලී නූල් රෝද වලින් ට්‍රැක්ටර් හදන පිස්සුව, කෝට්ටක ඇණයක් ගහල යකඩ වීල් එකක් පද්දමින් පාරේ යන පිස්සුව, බස් ටිකට් සිගරැට් පෙට්ටි එකතුකරන පිස්සුව, රතින්ඥ කුඩු දාල බෝර හදන පිස්සුව, පරණ කන්නාඩි ලෙන්ස් වලින් ටෙලස්කෝප් හදන පිස්සුව, පිටි ටින්වලින් ගල් රෝල් හදන පිස්සුව, වෙසක් කාඩ් අඳින පිස්සුව, වීදුරු පටි තුනක් ත්‍රිකෝණ හැඩයට කඩදාසියක ඔතල ඒක ඇතුලට මල් පෙති දාල කරකවමින් රටා මැවෙන හැටි බලන පිස්සුව, හෝල් එක ගාවින් ඇහිඳ ගන්න ෆිල්ම් රීල් කෑලි වලට ටෝච් ගහල පිච්චර් පෙන්නන පිස්සුව, සෙල්ලම් තොරන් ගහන පිස්සුව, බට තුවක්කු පිස්සුව වගේ…පිස්සු අටෝරාෂියක් තිබුන. ඒකෙන් උග්‍රම පිස්සුවක් තමයි…
කැටපෝල් පිස්සුව.
පේර ගස්වලින් කපාගත්ත කරු තමයි කැටපෝල් හදන්න පාවිච්චි කලේ…ඒවා තමයි නොම්මර එකේ කරු. වින්කල් බාස්ගෙන් අමාරුවෙන් ඉල්ල ගන්න බයිසිකල් ටියුබ් කෑල්ලකින් රබර් පටි කපල…පරණ සපත්තුවකින් හම් කෑල්ලක් කපල අරන් මං හැදුව නොම්මර එකේ කැටපෝල්…මං කැටපෝල් ස්පෙෂලිස්ට් කෙනෙක්. ඉතිං උදේ පාන්දර පහමාරට විතර මං යනව පාන් ගෙන්න…බේකරියට. කලිසමේ එක සාක්කුවක පුංචි බොරළු කැට…අනිත් සාක්කුවේ කැටපෝල්එක… පොල්කිච්චෝ ඉන්නවා ලයිට් කම්බිඋඩ වාඩිවෙලා සිංදු කියමින් හරියටම ඌට යටින් හිටගෙන විදිනවා ඌට. මට ඕනෙ ඌ බිමදාගෙන අල්ල ගන්න විතරයි…මරන්න නෙවෙයි…අල්ල ගන්නෙ ඇතිකරන්න. කලාතුරකින් තමයි දඩයමක් හරිගියේ…අනුන්ගේ වතු වලට තාප්පෙට උඩින් පැනලා…රෑ වැටුනු පැෂන්පෘට් ගෙඩි ඇහිඳීම, ජැම්සන් ගෙඩි කැඩීම පේරගස් සුද්ද කිරීම වගේ දේවලුත් කරා.

ලාල් සහ ආනන්ද තමයි මගේ කැටපෝල් ආමි එකේ අනිත් දඩයක්කාරයෝ දෙන්න. අපි හැමදාම ටින් බෙලෙක්ක තාප්පෙ උඩ තියලා…ඒවට විදලා ටාගට් ප්‍රැක්ටිස් කලා. ලාල්ට තමයි වැඩිපුරම දඩයම් ලැබුනේ. අපි නිතර දඩයම් සඳහා රැකගෙන හිටියෙ අම්බලංගොඩ…පරණ පාරේ ගම්සභා උසාවියේ විශාල ජෑම් ගහ උඩ තමයි… ජෑම්ගෙඩි කන්න බට්ටිච්චෝ, ජම්බු කොට්ටෝරුවෝ කොබෙයියෝ හුඟක් ආව. ලාල් ගෙන් ෂොට් එක කාපු හුඟක් කුරුල්ලෝ මැරුණ. ලාල් දවසක් එහෙම මැරුණ බට්ටිච්චේකුගේ බඩ බ්ලේඩ් එකකින් පලල ලේ අරගෙන උගේ කැටපෝල් එකෙයි මගේ කැටපෝල් එකෙයි හම්කෑලිවල ගෑව…

එතකොට ෂොට්එක හරියටම වදිනව කියල ලාල් කිව්ව. කුරුල්ලෙකුට වගේ පියාඹන්න බැරිඑක ගැනත් මට හරි කණගාටුවක් තිබුන. අපි දේවානන්ද විද්‍යාලයේ පංති කාමර වල සිවිලිමටත් හොරෙන් රිංගුවා පරෙයි පැටව් අල්ලන්න. දවසක් ලාලුයි මමයි පිට්ටනියේ තියෙන බෝගහට නැග්ගා ගීරාබෙනවල පැටව් ඉන්නවද බලන්න. එතනට ආපු ගෑණියෙක් මොර දෙන්න ගත්තා…බැහැපියව්…බැහැපියව්…හපෝයි මෙහෙමත් පව්කාරයෝ…! අපි ඉක්මනට බෝගහෙන් බැහැල පැනල දිව්ව… ඉතිං මගේ කැටපෝල් පිස්සුව හොඳ උනේ AL කරන්න පටන් ගත්තට පස්සෙ තමයි…දැන් කාලේ නම් කැටපෝල් එකක් අතේ තියෙන කොල්ලෙක් දකින්නවත් නෑ…

ඉතිං මට වගේම කැටපෝල් පිස්සුව තදින්ම තිබුණු කොල්ලෙක් හිටියලු…ඉතිං ඌට අවරුදු 20ක් වෙලත් දවසෙම වැඩේ කැටපෝල් එකත් අරගෙන කුරුල්ලෝ දඩයමේ යන එක. පස්සේ අම්මයි තාත්තයි තීරණය කලා මේක මානසික රෝගයක් කියල. ඌව බලෙන්ම ඇදගෙන ගියා මනෝ වෛද්‍යවරයෙක් ලඟට. මනෝ වෛද්‍යවරයා කල්පනා කළා මේ කොල්ලගේ අවධානය වෙන අතකට යොමු කරලා. මේ කැටපෝල් පිස්සුව හොඳ කරන්න…

දැන් පුතා වැඩියෙන්ම ආස මොනවටද ?

මං වැඩියෙන්ම ආස කැටපෝල් එකෙන් කුරුල්ලන්ට විදින්න…

දැන් ඔයා කැලේ කුරුල්ලන්ට විදින්න යනකොට ලස්සන කෙල්ලෙක් හම්බ වෙනවා එතකොට ඔයා මොනවද කරන්නේ ?

මං එයා අල්ලාගෙන එයාගෙ ගවුම ගලවනවා…

හරියටම හරි….එයිට පස්සේ ?මං එයාගෙ යට සායත් ගලවනවා ?

නියමයි !…එයිට පස්සේ ?

මං එයාගෙ නිකර් එකත් ගලවනවා…

අන්න එහෙම තමයි නියම කොල්ලෝ…

එයිට පස්සේ ?

ආ…ඊළඟට මං එයාගෙ නිකර්එකේ….ඉලාස්ටික් පටිය අරං කැටපෝල්එකක් හදනවා !!!

දැන් කොල්ලො දන්නෙ ඉතිම් පොන් කට්ටක ගේම් ගහන්නයි ,මැර විඩියො දාන්නයි කෙල්ලෙක් එක්ක ලෞ කරන්නයි,කුනුහරප ටික වපුරලා කී බොර්ඩ් උඩ වැලපෙන්නයි විතරයි ❤️👈

දිලා
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කැටපෝලේ 😍 (Katapole) කැටපෝලේ 😍 (Katapole) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 25, 2021 Rating: 5

0 comments:

Post a Comment