Hudakala Wiramayedi Song Lyrics - හුදෙකලා විරාමයේදි ගීතයේ පද පෙළ

Hudakala Wiramayedi Song Lyrics - හුදෙකලා විරාමයේදි  ගීතයේ පද පෙළ
Song Title : Hudakala Wiramayedi (හුදෙකලා විරාමයේදි)
Singing : Asanka Priyamantha Peiris (අසංක ප්‍රියමන්ත පීරිස් මහත්මා)

හුදෙකලා විරාමයේදි හමුවෙමුද ටිකක්
හමුවෙලා කියන්න තියෙන දේ නොවී සැකක්
මට තියෙන්නේ ඇත්තමයි මිලාන වූ හිතක්
ආදරේ කියා කියන්න ලං වෙලා ටිකක් //

මුනගැසී කියන්න බැරිව නම් ප්‍රියාදරේ
රෑ පුරාම නිදි වරා පැතූ පැතුම් දිගේ //
හසුනකින් ලියා එවන්න හනික මා කෙරේ
හඬ හඬා ඔබේ නමින් ගෙවෙන්නේ ජීවිතේ

හුදෙකලා විරාමයේදි හමුවෙමුද ටිකක්
හමුවෙලා කියන්න තියෙන දේ නොවී සැකක්
මට තියෙන්නේ ඇත්තමයි මිලාන වූ හිතක්
ආදරේ කියා කියන්න ලං වෙලා ටිකක් //

රන් හුයෙන් බැඳෙන්නේ ලෝකෙ ප්‍රථම ප්‍රේමයක්
හදවතින්ම පිදුනුදාය ප්‍රේම තිලිනයක් //
පැතුම ආදරේ අනන්ත සිහින ලෝකයක්
ආදරේ කියා කියන්නේ දේව ගීතයක්

හුදෙකලා විරාමයේදි හමුවෙමුද ටිකක්
හමුවෙලා කියන්න තියෙන දේ නොවී සැකක්
මට තියෙන්නේ ඇත්තමයි මිලාන වූ හිතක්
ආදරේ කියා කියන්න ලං වෙලා ටිකක් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hudakala Wiramayedi Song Lyrics - හුදෙකලා විරාමයේදි ගීතයේ පද පෙළ Hudakala Wiramayedi Song Lyrics - හුදෙකලා විරාමයේදි  ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 28, 2021 Rating: 5

0 comments:

Post a Comment