ලොකු කුඩා කාටත් එක සේ ගුණ දෙන එළුකිරි (Goat's Milk Which Is Equally Good For Everyone Big And Small)

ලොකු කුඩා කාටත් එක සේ ගුණ දෙන එළුකිරි (Goat's Milk Which Is Equally Good For Everyone Big And Small) - Your Choice Way
✅එළු කිරි කියන්නේ ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කිරීමට උපකාරී වෙන ඉතාම වටිනා ඖෂධීය කිරි පානයක්. මොකද අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ වලට වඩා සෙලේනියම් නම් ඛනිජ ලවණ වැඩි ප්‍රමාණයක් එළු කිරි වල අඩංගුයි. මේ නිසා එළු කිරි දරුවන්ගේ ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය පවත්වාගෙන යාමට අමතරව එළු කිරි මඟින් ඔබේ දරුවන්ව බොහෝ රෝග වලින් ආරක්ෂා කිරීමට ද උපකාරී වෙනවා. ඒ නිසා ඔබේ දරුවාට අද ඉඳන්ම එළු කිරි වල ගුණ කියාදීලා පානය කරන්න දෙන්න. ඊට අමතරව අපි බලමු දරුවන්ගේ වගේම වැඩිහිටියන්ගෙත් ශරීර වලට එළු කිරි කොහොමද වැදගත් වෙන්නේ කියලා.

✅එළු කිරි හදවතට ප්‍රයෝජනවත් 
🌿එළු කිරි හෘදයාබාධ හා හෘද රෝගවලින් පෙළෙන අයටත් දරුවන්ටත් ප්‍රයෝජනවත් වෙනවා. ගවයන්ගේ කිරි වලට වඩා මේද අම්ල වැඩි ප්‍රමාණයක් එළු කිරි අඩංගු වන අතර එය ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීමට උපකාරී කරනවා. මේ නිසා හෘදයාබාධ, ආඝාත සහ කිරීටක ගැටළු බොහොමයක් වළක්වා ගන්න එළු කිරි වලින් පුළුවන්  .

✅එළු කිරි හිසකෙස් වලට පෝෂණය දෙනවා
🌿එළු කිරි කියන්නේ කැල්සියම්, ප්‍රෝටීන්, පොස්පරස්, විටමින් බී 2 සහ පොටෑසියම් වලින් පොහොසත් හොඳ ප්‍රභවයක්. කොණ්ඩයට එළු කිරි යෙදීමෙන් හිසකෙස් වැටීම නතර වන අතර හිසකෙස් මෘදු හා දිලිසෙන පෙනුමක් ලබා ගන්නත් ඔබට පුළුවන්. එළු කිරි පානය කිරීම මගින් හිසරදයෙන් ඈත් වෙන්නත් පුළුවන්  .

✅එළු කිරි බර අඩු කරයි
🌿බර වැඩිවීම නිසා කරදරයට පත්වන වැඩිහිටියන්ටත් දරුවන්ටත් එළු කිරි ඉතාම ප්‍රයෝජනවත් පානයක්. මෙම කිරි වල මේද අම්ල අඩංගු වීම නිසා එය ශරීරයෙන් මේදය අඩු කරන අතර මේදය වැඩීම ද වළක්වනවා. මේ නිසා එය ශරීරයේ බර අඩු කිරීමට මෙන්ම තරබාරුකම පාලනයට ද උපකාරී වෙනවා.

✅පිළිකා වලට එළු කිරි වල ගුණ ඇත
🌿එළු කිරි කියන්නේ ඖෂධයක් කියලා අපි ඔබට මුලදිම කිව්වා නේ. විශේෂයෙන්ම දියවැඩියාව, ක්ෂය රෝගය සහ පිළිකා වැනි රෝග සුව කිරීමට ද එළු කිරි උපකාරී කරගන්න පුළුවන් .

✅එළු කිරි ඉදිමීම, ප්‍රදාහය අඩු කරයි
🌿එළු කිරි වල ශරීරයේ ඕනෑම ආකාරයක ප්‍රදාහයක් සහ දැවිල්ලක් නැති කිරීමට උපකාරී වන ප්‍රති-බැක්ටීරියා ගුණ අන්තර්ගතයි. ඒ නිසා සෑම උදෑසනකම සහ සවස එළු කිරි වීදුරුවක් පානය කිරීම වැඩිහිටියන්ටත් දරුවන්ටත් සුදුසුයි.

✅අස්ථි වර්ධනය සඳහා එළු කිරි
🌿කිරි මඟින් ශරීරයට කැල්සියම් සපයමින් අස්ථි ශක්තිමත් කරනවා. ගොඩක් අය නිතරම එළකිරි පානය කිරීමට කැමති ඒ නිසයි. ඊට වඩා එළු කිරි වල අස්ථි වලට හිතකර කැල්සියම් බහුල බව ඔබ නොදන්නවා විය හැකියි. මීට අමතරව ශරීරය නිරෝගීව තබා ගැනීමට උපකාරී වන amino tryptophan ද එහි අඩංගුයි. කැල්සියම් අධික බැවින් දරුවන්ගේ දත් ශක්තිමත් කිරීමටද එළු කිරි උපකාරී කරනවා.

✅එළු කිරි වල වෙනත් වාසි
  1. අන්තර්ගත පොටෑසියම් ප්‍රමාණය නිසා එළු කිරි රුධිර පීඩනය පාලනය කරනවා.
  2. එළු කිරි ආහාර ජීර්ණයට උපකාරී වන මේද අම්ල වර්ග බොහොමයකින් පොහොසත්.
  3. ඇස් පෙනීම සඳහා හොඳ විටමින් A ද එහි අඩංගුයි.
  4. වමනය, පාචනය, උදර වේදනාව සහ හුස්ම ගැනීමේ අපහසුතා ඉවත් කිරීමට එළු කිරි උපකාරී වෙනවා. 
  5.  එහි ඇති ප්‍රෝටීන් ප්‍රමාණය පටක, සෛල හා අස්ථි වර්ධනයට උපකාරී වෙනවා.
  6. දරුවන්ගේ වැඩෙන වයස සහ සංවර්ධනය සඳහා එළු කිරි ඉතා ප්‍රයෝජනවත් වේ.
✅ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න  Share කරන්නත් අමතක කරන්න එපා.

විශ්මිත හෙළ ඔසු
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ලොකු කුඩා කාටත් එක සේ ගුණ දෙන එළුකිරි (Goat's Milk Which Is Equally Good For Everyone Big And Small) ලොකු කුඩා කාටත් එක සේ ගුණ දෙන එළුකිරි (Goat's Milk Which Is Equally Good For Everyone Big And Small) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 03, 2021 Rating: 5

0 comments:

Post a Comment