දිය බත ( Diya Bath )

දිය බත ( Diya Bath ) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය:

  • ලියාගත් රතු ළුුණු ගෙඩි 5 – 6
  • අමුමිරිස් කරල් 3 – 4 ක්
  • උම්බලකඩ 20 g
  • ලුණු ස්වල්පයක්
  • දෙහි බෑවක ඇඹුල්
  • පොල් බෑයක කිරි
  • රාත්‍රියේ උයා ඉතිරි බත් ටිකක්

✅ සාදා ගන්නා ආකාරය:

  1. පෙරදින රාත්‍රී ආහාරය සඳහා මැටි හැලියක පිසූ බත් ප්‍රමාණයකට බත් ටික වැසෙන ප්‍රමාණයට වතුර දමා නෑබිලියකින් වසා රැය පහන් වනතෙක් තැබිය යුතුයි. (වෙනත් භාජනයක වුවත් කම් නැත. නමුත් හැකි හැම විටම මැටි භාජන පාවිච්චි කරන්න).
  2. පසුදා උදෑසනින්ම අවදිවෙලා දිය බත හදනවා මෙන්න මෙහෙම ගත්ත රතුළුණු, අමු මිරිස් ටික අර වතුර දාපු බත් එකට දාන්න. එකේ තියන වතුර ඉවත් කරන්න එපා.
  3. දැන් මේකට අවශ්‍ය තරම් ලුණු දමන්න. බත් එකටත් ලුණු දාලනම් උයලා තියෙන්නේ ලුණු ටිකක් විතර දාන්න. 
  4. උම්බලකඩත් කුඩාවට තලාගෙන එකතු කරගන්න. 
  5. ඉන්පසු නෑබිලියකට දමා පොල්කටු හැන්දෙන් හොඳින් පොඩි කර ගන්න.
  6. ඉන් පසුව මේකට පොල්කිරි ටික එකතුකරන්න.
  7. දෙහි ඇඹුල් අවශ්‍ය තරමට මිරිකන්න රස අනුව.
  8. ඔබට ගැස්ට්‍රයිටිස් තත්වය ගොඩක්ම වැඩියි නම් කිතුල් හකුරු එක්කරගන්නත් පුළුවන්.එහෙනම් කාලා බලලා රසගුණ අගුණ කියන්න.
✅ ගැස්ට්‍රයිටිස් වලට හොදම විසඳුම දිය බත.

✅ දිය බතේ විස්තරය

🌿 ගැස්ට්‍රයිටිස් පමණක් නොව රෝග බොහොමයකට විශ්මිත ගුණ දෙන දිව ඔසුවකි දිය බත්. විශේෂයෙන්ම උෂ්ණාධික රෝග සඳහා ප්‍රත්‍යක්ෂ ඔසුවක් ලෙසින් අපේ පැරැන්නෝ දියබත් භාවිත කළහ . වියලි කාල වලදී හට ගන්නා කට පැලීම, යටි පතුල් පැලීම, ඇස් රෝග සමේ ආසාධන වැනි රෝග සඳහා ද දිය බත් දිව ඔසුවකි. ගැස්ට්‍රයිටිස් රෝගයට මේ තරම් ඔසුවක් නැති තරම් ය. එය නිට්ටාවට සුව කර ගැනීමට දියබත් ආහාරයට ගැනීමෙන් සිදු කල හැකිය.
🌿 දිය බත් සීතල ආහාරයක් නිසා සීත කාල වල,වැසි සහිත දිනවල වැඩිපුර පාවිච්චි වන්නේ නැත. දිය බත් දවස ප්‍රබෝදයෙන් තබන්නට සමත් උදෑසන අහාරයකි
🌿 තදින්ම ගැස්ට්‍රයිටිස් තියන කෙනෙක් දවස් 7ක් දියබත් කෑවොත් අනිවාර්යෙන්ම සුවවෙනවා…. අත්දුටුවයි ! සත්තයි !

✅ දිය බතේ ගුණ

⏩ කටතොල් පැලෙන අයට ඉතාමත් ගුණදායක ඔසුවකි.
⏩ ගැස්ට්‍රයිටීස් නම් අම්ල පිත්තයට ඉතාමත් ගුණදායකයි.
⏩ ශරීරයේ ඇතිවන දැවිලි ගතිය පහ වීමට.
⏩ මෙය ඉතාමත් පෝෂ්‍යදායක ඔසුවක් වැනි ආහාරයක් නිසා යෞවන වයසේ සිටින දරුවන්ට වඩාත් ගුණදායකයි.
⏩ බඩේ තුවාල ඇති අයට ඉතා ප්‍රත්‍යක්ෂ ඔසුවකි.

විශ්මිත හෙළ ඔසු
දිය බත ( Diya Bath ) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දිය බත ( Diya Bath ) දිය බත ( Diya Bath ) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 11, 2021 Rating: 5

0 comments:

Post a Comment