දකුණු ලකේ - වැව්රුකන්නල බුදුරජ මහ විහාරය ☸️🙏 (Wewrukannala Buduraja Maha Viharaya)

දකුණු ලකේ - වැව්රුකන්නල බුදුරජ මහ විහාරය ☸️🙏 (Wewrukannala Buduraja Maha Viharaya) - Your Choice Way
අද අපේ කතාව දකුණු ලකේ, දික්වැල්ල නගරයේ පිහිටි තවත් එක් පූජනීය ස්ථානයක් ගැන.. ඒ නමින් වැව්රුකන්නල බුදුරජ මහ විහාරයයි.
සිත් ලොල්ලේ වඩන දුටුවන් උදාරය
එක්‌ එල්ලේ පෙනෙන බුදු පුද දිවා රැය
දික්‌වැල්ලේ වැව්රුකන්නල විහාරය
ලක්‌ තුල්ලේ දනිති කවුරුත් මෙවාරය
ඔයාලා දන්නවද වැව්රුකන්නල බුදුරජ මහ වෙහෙරේ ඉතිහාසය මහනුවර යුගයේ රාජාධිරාජසිංහ යුගය දක්‌වාම දිව යනවා.

වැව්රුකන්නල කියන නම තුළත් වෙනස්ම කතාවක් තියෙනවා.. කොහොමද මේ පුණ්‍ය භූමියට ඒවගේ නමක් වැටුනේ... අපි මුලින්ම ඒ ගැන හොයලා බලමුකෝ...

එකළ මෙම ප්‍රදේශය ආශ්‍රිත වැව් දෙකකට සමීපව පිහිටි කුඩා කඳුගැටයක් මත ගිමන් හලක් පිහිටලා තිවෙනවා.. ඒ නිසාම වැව්රුකන්නල නම ව්‍යවහාරයට පැමිණ තිබෙන බවයි ජනප්‍රවාදයේ කියවෙන්නේ...

මේ ගිමන්හල ආරමයක් බවටද තවත් කතාක් තිබෙනවා..මහනුවර සමයේ රාජාධිරාජසිංහ රජුගේ පුත් කුමරුවන් කිරින්දේ සීලරතන සංඝරත නමින් සසුන්ගත වී තිබෙනවා... උන් වහන්සේව රාජකුමාර හිමි ලෙසද ප්‍රදේශයේ ජනතාව විසින් ආමන්ත්‍රණය කර බවත් සදහන් වෙනවා....

මේ හිමියන් විසින් එකල දික්‌වැල්ලේ වැව් දෙකකට සමීපව තිබූ කඳු ගැටයක්‌ මත ආරාමයක්‌ කරවා එහි විසූ බවත් අතීත කතා වල සදහන් වෙනවා.

කොහොම වුණොත් 1969 මාර්තු 2 වැනි දා මේ පූජාභූමියට වැව්රුකන්නල බුදුරජ මහ විහාරය ලෙස නම් කර තිබෙනවා.

සියක් රියන් සමාධි බුදු පිළිම වහන්සේ නමක් එහි ඉදිකර ඇති නිසාවෙන් මෙම විහාරය තවත් විශේෂ වෙනවා.

සමාධි ප්‍රතිමාවේ සිරසේ අඩි 10 යි12 ප්‍රමාණයේ ඉඩක්‌ තුළ ත්‍රිපිටක ධර්මය සිංහල පාලි දෙබසින්ම තඹ පත්තිරුවල ලියවා වර්ෂ 1971 වර්ෂයේදී පුරා දින 100ක මහ පිංකමක්‌ පවත්වමින් නිධන් කරලත් තියෙනවා.

ඒ වගේම ශ්‍රී ලංකාවේ විශාලතම යෝධ ඔරලෝසුව පිහිටුවා ඇත්තේද වැව්රුකන්නල පන්සල තුළයී.ශ්‍රී ලාංකිකයකුගේ නිර්මාණයක්‌ වන මෙය දිවා රාත්‍රී දෙකෙහිමද පැයෙන් පැයට ශබ්ද පූජා නිරායාසයෙන්ම පැවැත්වීම මෙහි ඇති විශේෂත්වයකි. 

ඒ වගේම මහ බුදු පිළිම වහන්සේ පිටුපස ඒ හා සමඟම දිවෙන අහස්‌ වෙහෙර කිසිම පන්සලක දැකිය නොහැකි උසම ගොඩනැගිල්ලයි. බණ කථා, ජාතක කථා, බුද්ධ චරිතයේ කොටස්‌ බිතු සිතුවම් මගින් ගොඩනැගිල්ල තුළ අලංකාරව චිත්‍රනය කරලත් තියෙනවා.

කොරෝනා ඉවරවෙලා අපිත් මෙහි යන්.

Wewurukannala Viharaya

Miles east of Matara is the town of Dikwella, where there is one of the most amazing Buddhist temples in Sri Lanka. The Wewurukannala Vihara temple is dominated by an image of a seated Buddha. 

It is 160ft high, the largest statue in all of Sri Lanka and dates back to the time of King Rajadhi (1782 - 1798).

The temple has three parts, the oldest being about 250 years old; however this is of no particular interest. The next part has life size models of demons and sinners shown in graphic detail. If you don't follow the path to enlightenment this is what happens to you. Punishments include being drowned in boiling cauldrons, sawn in half, disemboweled and so on. Finally there is the enormous seated Buddha that is as high as an eight-storied building.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දකුණු ලකේ - වැව්රුකන්නල බුදුරජ මහ විහාරය ☸️🙏 (Wewrukannala Buduraja Maha Viharaya) දකුණු ලකේ - වැව්රුකන්නල බුදුරජ මහ විහාරය ☸️🙏 (Wewrukannala Buduraja Maha Viharaya) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 06, 2020 Rating: 5

0 comments:

Post a Comment