ටෝස්ටර් කේක් (Toaster Cake)

ටෝස්ටර් කේක් (Toaster Cake) - Your Choice Way

අවශ්‍ය දේවල්: (කේක් 12ක් වගේ හදා ගන්න පුළුවන් මේ ටිකෙන්)

  • පාන් පිටි 120g
  • බේකින් පවුඩර් (Baking Powder) තේ හැදි 1
  • එළවළු තෙල් 125ml
  • සීනි 100g
  • බිත්තර 2
  • වැනිලා (Vanilla) තේ හැදි 1
  • බටර් ටිකක් (ටෝස්ටර් එකේ තවරා ගැනීමට)

සාදා ගන්නා ආකාරය:

  1. මුලින්ම පිටි ටිකට බේකින් පවුඩර් එකතු කර දෙතුන් වරක් පෙනේරයකින් හලා ගෙන පසෙකින් තබා ගන්න.
  2. පසුව වෙනත් භාජනයක් ගෙන එයට එළවළු තෙල් සහ සීනි දමා ගෙන සීනි දිය වී ක්‍රීම් එකක් වන තුරු හොඳින් බීට් කර ගන්න.
  3. ඉන් පසුව වරකට එක බැගින් බිත්තරය ගානේ එකතු කරමින් හොඳින් බීට් කරන්න.
  4. එයටම වැනිලා ටික ද එක් කර බීට් කරන්න.
  5. පසුව පිටි ටික දමා ගෙන හැන්දකින් පෙරලමින් කලවම් කරන්න. (ඕනවට වඩා කලවම් කරන්න යන්න එපා. පිටි ටික කැටි හිටින්නේ නැතුව කලවම් වුණාම ඇති.)
  6. දැන් ටෝස්ටර් (Toaster) එකේ හොඳින් බටර් තවර ගෙන ටිකක් රත් වන තුරු ටෝස්ටර් එක ක්‍රියාත්මක කර තබන්න.
  7. ටෝස්ටර් එක රත් වූ පසුව හැන්දක් ආදාරයෙන් කේක් මිශ්‍රණය ටොස්ටර් එකට පුරවා ගෙන විනාඩි 3-5ක් පමණ පිස ගන්න.
  8. එච්චරයි! දැන් තියෙන්නෙ ඉතිං මේ විදිහටම ඉතුරු කේක් ටිකත් හදාගන්න එක තමයි.

වැදගත්:

  • බීට් කරන විට හා කලවම් කරන සෑම විටකම එක අතකට පමණක් කේක් මිශ්‍රණය බීට්/ කලවම් කර ගන්න.
  • කේක් මිශ්‍රණය ටෝස්ටර් එකට පුරවන කොට සම්පූර්ණයෙන්ම පුරව ගන්න එපා. (පල්ලෙ ෆොටෝ ටික බලන්නකෝ..)
  • විනාඩි 3-5ක් පමණ ටෝස්ටර් කර ගත්තට පස්සේ ටූත් පික් එකක් හෝ ඉරටුවක් මැදට ගසා ගෙන කේක් සම්පූර්ණයෙන් තැම්බිලා කියලා බලා ගන්න පුළුවන්.
  • ටෝස්ටර් එකේ වර්ගය අනුව කේක් ටොස්ටර් වීමට ගත වන කාලය වෙනස් විය හැකියි.
  • අයිසිං සීනි හෝ සීනි උඩින් ඉස ගෙන, නැත්තම් දිය කර ගත් චොකලට්, දිය කර ගත් ජෑම් වගේ දෙයක් උඩින් වක් කර ගෙන කැමති විදියකට සරස ගන්න පුළුවන්.
මෙම රසවත් කෑම වට්ටෝරුව අප වෙත එවන ලද්දේ දුලනි චමල්කා සොහොයුරිය විසිනි.
ටෝස්ටර් කේක් (Toaster Cake) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ටෝස්ටර් කේක් (Toaster Cake) ටෝස්ටර් කේක් (Toaster Cake) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 28, 2020 Rating: 5

0 comments:

Post a Comment