Sudu Manika Song Lyrics - සුදු මැනික ගීතයේ පද පෙළ

Sudu Manika Song Lyrics - සුදු මැනික ගීතයේ පද පෙළ
Song Title : Sudu Manika (සුදු මැනික)
Lyrics : Dulani Chamalka (දුලනි චමල්කා)

පුරු පුරු ගාමින් නිබදව
ඇගේ දැවටෙනා කෝලම
ඔබමයි අම්මගේ ආලේ
ලබනා සුරතල් කෝලම

මූන දික් කරන් බලමින්
සැම විට නිදනා කෝලම
ඔබමයි නිවසේ සැමදා
පුරු පුරු පුරු පුරු කෝලම

කේන්තියක් ආව සැනින්
කොටි පැටියෙක් වගේ ඇවිත්
රටා මවන්නේ නිතරම
අතේ පයේ හිරි අරිමින්

දින දාහතරයි එනවිට
අපේ ගෙදර සුරතලේට
වසම වසයි හරි නපුරුයි
ළඟින් යන්න බැරි තරමට

සුදුම සුදුයි කිරි බෝලේ
අපේ පුංචි වස බෝලේ
සුදු පුතු කී විටදි බොලේ
පැන ගෙන එන මගෙ බෝලේ..

පාලු මකන සුදු පුතා
දබර කරන් සුදු පුතා
නැති විටදී සුදු පුතා
ගේ පාලුයි සුදු පුතා..

දුලා..✍️
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sudu Manika Song Lyrics - සුදු මැනික ගීතයේ පද පෙළ Sudu Manika Song Lyrics - සුදු මැනික ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 31, 2020 Rating: 5

0 comments:

Post a Comment