පතෝල කට්ලට් (Pathola Cutlet)

පතෝල කට්ලට් (Pathola Cutlet) - Your Choice Way

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ලපටි පතෝල කරලක්
  • තම්බාගත් අලගෙඩි 2
  • චොප්කරගත් ළූණු ගෙඩි 1
  • චොප්කරගත් කරපිංචා ස්වල්පයක්
  • ලුණු හා ගම්මිරිස්කුඩු
  • තෙල් ස්වල්පයක්
  • රම්පෙ කෑල්ලක්
  • කුරුඳු පොතු කෑල්ලක්
  • චොප්කරගත් සුදුළූණු ස්වල්පයක්
  • පාන් කුඩු ග්‍රෑම් 100
  • බැදීමට තෙල්
  • බැටර් එක සඳහා
  • පාන්පිටි ග්‍රෑම් 100
  • ලුණු 
  • වතුර 

සාදන ආකාරය:

  1. තෙල් ටිකක් ලිපේ තියලා රත්වෙනකොට සුදුළූණු, ළූණු, රම්පේ, කුරුඳු පොතු, කරපිංචා දාලා තෙම්පරාදු කරගන්න.
  2. ඊලඟට අල ටික පොඩි කරලා ඒකට දාලා ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරගන්න. 
  3. කුරුඳු සහ රම්පේ මිශ්‍රණයෙන් ඉවත් කරගන්න. 
  4. පතෝල කරල සූරා මැද සුද්ද කරගන්න. 
  5. අඟල් දෙකක් පමණ මහතට පතෝල කරල කපාගන්න. 
  6. දැන් සාදාගත් මිශ්‍රණය කපාගත් පතෝල කෑලි වලට පුරවගන්න. 
  7. පාන්පිටි වලට ලුණු සහ වතුර එක් කරල බ්ලෙන්ඩ් කරල ඝණ බැටර් එකක් හදාගෙන පතෝල කෑලි බැටර් එකේ දවටගන්න. 
  8. පාන් කුඩු වල තවරලා ගැඹුරු තෙලේ බැදගන්න.
ලේඩි බර්ඩ්
පතෝල කට්ලට් (Pathola Cutlet) - Your Choice Way
 👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇


Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පතෝල කට්ලට් (Pathola Cutlet) පතෝල කට්ලට් (Pathola Cutlet) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 28, 2020 Rating: 5

0 comments:

Post a Comment