Mawathe Jiwithe Song Lyrics - මාවතේ ජීවිතේ ගීතයේ පද පෙළ

Mawathe Jiwithe Song Lyrics - මාවතේ ජීවිතේ ගීතයේ පද පෙළ
Song Title : Mawathe Jiwithe (මාවතේ ජීවිතේ)
Lyrics : PK Rodrigo (පී.කේ. රෝද්‍රිගෝ)

තාත්ත කෙනෙකු දැකලා නැත තවම මම
හැඩ රුව කොහොමදැයි දන්නෙත් නැහැනෙ මම
අම්මත් එක්කලා එහෙ මෙහෙ දුවමි මම
නින්දට වැටෙන්නෙත් කඩයක පිළක මම

පොඩි කාලේ පටන් උකුලේ හොවා ගෙන
අම්මා මාවතේ දිව්වේ සිඟා ගෙන
සිග්නල් කණුවෙ රතු එළියට සිනා දෙන
ඇයගේ පැතුම වාහන තව නවත දෙන

රතු එළි වැටෙන විට සිග්නල් කණුව යට
නවතන වාහනේ දොරකට තට්ටු කොට
ගැයෙනා දුක් ගීයෙ රාවය අසා සිට
පුදනා රුපියලෙන් ජීවිතෙ ගහමු ගැට

පාසල් යන ළමුන් සතුටෙන් යනෙන විට
දුකකුත් දැනෙනවා ඒ දෙස බලන මට
අම්මා විඳින දුක් හැමදා දකින විට
මාවත පාසලක් වාගෙයි සිතෙයි මට

මැසි මදුරුවන් එමටයි මෙහි හැම තැනම
ඉන්නට ගෙයක් නැහැ පාරෙයි සැම දිනම
වීදියෙ ලාම්පුවෙ එළියයි හැම රැයෙම
හුරු වී ඇති නිසයි ඉන්නේ මම මෙහෙම

ගිනියම් මද්දහනෙ සිඟමන් යදින දන
රෑ බෝ වූ විටදි කඩයෙන් කෑම ගෙන
වෙහෙසට විඩාවට තොල කට තෙමා ගෙන
තැන තැන නිදියන්නෙ නොසරුප් කියා ගෙන

අම්මා කොහේ හෝ ගොස් ඇත මේ ටිකට
නිදිමත ගතිය එයි බයකුත් නැහැනෙ මට
වට පිට ඉන්න අය සුපුරුදු මුහුණු මට
වැස්සක් ආවොතින් ගුලි වෙමි කඩේ යට
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mawathe Jiwithe Song Lyrics - මාවතේ ජීවිතේ ගීතයේ පද පෙළ Mawathe Jiwithe Song Lyrics - මාවතේ ජීවිතේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 29, 2020 Rating: 5

0 comments:

Post a Comment