Ma Amathaka Wi Yawi Song Lyrics - මා අමතක වී යාවි ගීතයේ පද පෙළ

Ma Amathaka Wi Yawi Song Lyrics - මා අමතක වී යාවි ගීතයේ පද පෙළ
Song Title : Ma Amathaka Wi Yawi (මා අමතක වී යාවි)
Lyrics : Dulani Chamalka (දුලනි චමල්කා)

ගෙදර වහලේ පොල් අතු ගැලවී වැටීලා
බිත්තියේ වරිච්චිත් හෙල්ලේ දිරාලා
බිමට ගෑ ගොම මැටිත් හේදි ගිහිල්ලා
ගේම දිරාලා ඇත දැන් ගේ වැහැරීලා 

දවසේ පඩියකින් අපේ කුසගිනි නසන්නේ
දවසට වේලකුත් නෑ ඔහු බුදින්නේ
කෙසේ නමුත් පන රැකුමට හදන්නේ
මොනවා කරන්නද පෙර කරුමය ගෙවන්නේ

ගෙපැලේ පිළිකන්නේ ලග 
ඇසේ කුටු කුටු හඩක්
මෑනියන්ගේ  හඩෙත් තිබුනේ
සුසුම්ලන දුක්බර බවක්
වැකුණේ දෙසවන හද දවාලන
අකුනු ගසනා කතාවක්
මෑනියන්ගේ තීන්දුව විය
දුරු රටක යන්නට හිතක්

කෙසේ ඉන්නද ඔබ නැතිව
මේ ගෙපැල මූසල වෙයි අනේ
කෙලෙස නම් අප දරා ගන්නද
ඔබ නොමැති පාළුව රැයේ
දිළිඳු බව ඔච්චම් කලත් තව
ගෙදර බුදු බව ලබමිනේ
සිටින ඔබ හට මෑනියනි ඇයි 
යන්ට සිතුනේ අද දිනේ

රසකැවිලි සෙල්ලම්බඩුත් ඇත
ගෙපැල තුල දැන් පිරීලා
වත්තේ කොනකින් නැගිට එන්නේ
හීන නිවහන හිනැහිලා
ඇදුම් පැළඳුම් කිසිත් අඩුනැත 
ගෙපැලෙ දැන් කිරි ඉතිරිලා
එහෙත් ඔබ නැති ගෙපැල කුමටද
මේ සියලු සැප ලැබීලා

තාත්තා නිතරම දුවන්නේ
හන්දියේ දැල් කඩයටයි
පෙර නොසිටි මිතුරන් කැලක්
හමු වී ගෙවෙන්නේ කාලයයි
පිළිස්සු මස් සමග මසවුලු
සාලයේ මැද බබලවයි
ගොම්මනේ සැම විසිර යද්දි
තාත්තා සාලේ නිදයි

කුමන සැප තිබූවත් මේ
ගෙපැල තුල 
කුමන සැපද අම්මා නැති
ගෙපැල තුල
එලිය ඔබයි සැමදා මේ
ගෙපැල තුල
අඳුරුයි ඔබ නැතුව අම්මේ 
ගෙපැල තුල

දුප්පත්කම ආර්ථික දුශ්කරතා නිසා දරුවන්ගේ අනාගතේ හදන්න දුරු රට යන අම්මාවරුන් සහ මෙරට තනිවන දූදරුවන් පාදක කොටගෙන කරන ලද පද ගැලපුමක්... බොහෝ මෙවැනි කතා අවසන් වන්නේ හද ගිනි ගන්නා දුක් බර ආකාරයකින්.
දුලා..✍️
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Amathaka Wi Yawi Song Lyrics - මා අමතක වී යාවි ගීතයේ පද පෙළ Ma Amathaka Wi Yawi Song Lyrics - මා අමතක වී යාවි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 24, 2020 Rating: 5

0 comments:

Post a Comment