Labunu E Amathume Song Lyrics - ලැබුණූ ඒ ඇමතුමේ ගීතයේ පද පෙළ

Labunu E Amathume Song Lyrics - ලැබුණූ ඒ ඇමතුමේ ගීතයේ පද පෙළ
Song Title : Labunu E Amathume (ලැබුණූ ඒ ඇමතුමේ)
Lyrics : Tharika Nirmani (තාරිකා නිර්මාණි)

ලැබුණූ ඒ ඇමතුමේ හැඩි පිරිමියෙක්ගේ හඩක්
හොරෙන් මොන මොනවදෝ දැනේ මුමුණන බවක්
ආයුබෝවන් මහත්මයා පිලිගත්තා ඇමතුමත්
අනේ මට කියන්නට කාරණා ඇත ගොඩක්

කියන්නකෝ මහත්මයා මම අහන් ඉන්නේ
දුරකතන ක්‍රියාකරු ලෙසයි මම ඉන්නේ
නුඹ දුවෙක් හැකි නුඹට තේරුම් කරන්නේ
යෝනි සැකසිය හැකිද ඔහු මගෙන් ඇහුවේ

වටපිටේ උන් එක්ක මම හිනා වෙනවා
හැඩුම් මට ඇහෙනවා අඩනවා ඉකිගසා
නුඹ දුවෙක් නිසා මම ඇහුවාට වරදවා
මම පියෙක් දුවෙක්ගේ ඇයට අතවර වෙලා

සමාවෙනු මැන මෙමට වරදවා හිතුවට
වැරදි ඇය වෙන්නැති හිතලා දුන් මහ දුකට
ඔය පපුව පිච්චෙනවා ඇති ගොඩක් හැමවිටම
පියෙක් නුඹ රත්තරන් හැම දුවෙක් නිති පතන

තාත්තේ නුඹ නොඅඩා ඉන්න මම කිව්වා
හැමදේම දැන් කාලේ කල හැකියි ගෙවලා
ඉතින් හැම විස්තරේ මම ඔහුට කියලා
ඇහුණා ඔහු මහ සුසුම් හෙල හෙලා ඇඩුවා

💙💙 රෝහලක දුරකතන ක්‍රියාකාරිණියක් ලෙස මම සේවය කල කාලය තුල මම ලබපු අත්දැකීමක් ඇසුරෙන් ගොතා තැබිමි 💙💙💙
💗සුවහසක් තාත්තලා වෙනුවෙන්💗💫නැවතත් පතිවත ඉල්ලූ තාත්තා කෙනෙක්💫
🖤තාරිකා නිර්මාණි🖤
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Labunu E Amathume Song Lyrics - ලැබුණූ ඒ ඇමතුමේ ගීතයේ පද පෙළ Labunu E Amathume Song Lyrics - ලැබුණූ ඒ ඇමතුමේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 25, 2020 Rating: 5

0 comments:

Post a Comment