Himaleta Wada Usai Song Lyrics - හිමාලෙට වඩා උසයි ගීතයේ පද පෙළ

Himaleta Wada Usai Song Lyrics - හිමාලෙට වඩා උසයි ගීතයේ පද පෙළ
Song Title : Himaleta Wada Usai (හිමාලෙට වඩා උසයි)
Singing : Jude Rogans (ජූඩ් රොගන්ස් මහත්මා)
Lyrics : Dilan Gamage (ඩිලාන් ගමගේ)

හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ
කසාය පරාදයි වරදෙදි සැර ඔබේ
ඇහැ ගහගෙන සිටී සමාජෙ ගැන කියයි
හොද මිනිහෙක් වෙයන් නිතරම මට කියූ
ආදර මගෙ තාත්තේ ////

දරදඬු හිත මගේ අයාලෙ ගිය දිනේ
කඳුලැල් මොනතරම් පිරුනද ඔය නෙතේ
දී ඔවදන් මා සුමඟට ගෙන මිස නෑ හැර ගියේ
අද මා සිටිනා තැන දැක සතුටින් අවවාද දේ
හොද මිනිහෙක් වෙයන් නිතරම මට කියූ
මතු සසරෙත් පතන්නෙ ඔබමයි තාත්තේ

කරදර ආ මගේ නොබියව ලඟ හිදී
දියුණුව දැක මගේ ආශිර්වාද දේ
නොදකින දෙවියන් වැන්දද ඔබමයි දෙවියන් වුනේ
උපදින හැම භවයකදිම වෙන්නද මම පුතු ඔබේ
හොද මිනිහෙක් වෙයන් නිතරම මට කියූ
මතු සසරෙත් පතන්නෙ ඔබමයි තාත්තේ

හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ
කසාය පරාදයි වරදෙදි සැර ඔබේ
ඇහැ ගහගෙන සිටී සමාජෙ ගැන කියයි
හොද මිනිහෙක් වෙයන් නිතරම මට කියූ
ආදර මගෙ තාත්තේ ////
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Himaleta Wada Usai Song Lyrics - හිමාලෙට වඩා උසයි ගීතයේ පද පෙළ Himaleta Wada Usai Song Lyrics - හිමාලෙට වඩා උසයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 27, 2020 Rating: 5

0 comments:

Post a Comment