Song Title : Dawasak Thyewee (දවසක් තියේවී)
Singing : Milton Mallawarachchi (මිල්ටන් මල්ලවආරච්චි මහත්මා)
දවසක් තියේවී වෙන්වුණු ඔබ මා
නැවතත් මුණගැසෙනා
කඳුලක් තියේවී මා ළඟ එදිනේ
ඔබේ නමින් ගලනා
නටුවෙන් කඩලා මල විසිකළ විලසේ
වරදක් නැතත් ඔබ මට පිටුපෑ දවසේ
වල්මත් උනා මා අසරණ පෙම් පියසේ
මට තාම නොදැනේ මොනවා උනාදෝ
අප දෙදෙනාට ප්‍රියේ
දවසක් තියේවී වෙන්වුණු ඔබ මා
නැවතත් මුණගැසෙනා
කඳුලක් තියේවී මා ළඟ එදිනේ
ඔබේ නමින් ගලනා
හිනැහෙනවා ඔබ මා හඬනා දවසේ
නැළවෙනවා ඔබ ඔහු හා රස පහසේ
දවසක් ලබාවී ඔබටත් මට වාගේ
මට තාම නොදැනේ මොනවා උනාදෝ
අප දෙදෙනාට ප්‍රියේ
දවසක් තියේවී වෙන්වුණු ඔබ මා
නැවතත් මුණගැසෙනා
කඳුලක් තියේවී මා ළඟ එදිනේ
ඔබේ නමින් ගලනා
0 comments:
Post a Comment