පළමු ආණ්ඩුකරු විසූ - ඩොරික් බංගලාව 💂🏻‍♂️🏛 (Doric Bungalow)

පළමු ආණ්ඩුකරු විසූ - ඩොරික් බංගලාව 💂🏻‍♂️🏛 (Doric Bungalow) - Your Choice Way
අද අපේ කතාව අතීතයේ අභිමානවත් ව පැවති වර්තමානයේ ගරාවැටෙමින් යන නටඹුන් පමනක් දැකිය හැකි අතීත බංගලාවක් ගැන.

ඒ....මන්නාරම් වෙරළ තීරයේ 1800 ගණන්වල ඉදි වූ  මෙරට පැවැති මනස්කාන්තම නිවහන වන ‘ඩොරික් බංගලාව’ ගැනයි.

මෙහි ජායාරූප එකතුවේ මේ මාලිගාවේ මුල් ස්වරූපය පෙන්නුම් කෙරෙන පින්තූරයකුත් තියෙනවා.. 

ඒක දැක්කම හිතෙයී මේ ඒ තැනමද කියලත්...

මම මේ ඩොරික් බංගලාව ගැන මුලින්ම ඉතිහාසය කියන්නම්.ඔයාලා දන්නව ද මෙරට පාලනය කළ ප්‍රථම බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ ෆෙඩ්රික් නෝර්ත් මහතා නැවතී සිටි නිවහන මෙය බවට විශ්වාස කරනවා.

ග්‍රීක ව්‍යවහාරයක් වන ‘ඩොරික්’ යන්නෙහි අදහස වන්නේ දැවැන්ත කුළුණු සහිත ආරුක්කුවලින් සමන්විත වීමයි. එම අර්තයෙන් මෙයට ඩොරික් බංගලාව කියන නම වැටිලා තියෙනවා...

ග්‍රීක සම්ප්‍රදායට මෙම ගොඩනැගිල්ල ෆෙඩ්රික් නොර්ත් මහතාගේම සැලසුමකට අනුව ඉදිකර වූ බව ද කියැවේ..

මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ වෙරළ තීරයේ ගල් පර්වතයක් මත ඉදිකර ඇති ඩොරික් මන්දිරයේ ඉතිරිව ඇති ගොඩනැගිලි කොටස් ද බරපතල ලෙස මුහුදු ඛාදනයට ලක් වෙමින් පැවතීම කණගාටුවට කරුණකී..

එවක මෙම බංගලාවේ පහත මාලය කාමර හතරකින් හා විශාල සාලයක් සහිතව තිබූ අතර ඉහල මාලය ද නිදන කාමරයකින් යුක්ත විය. 

1804 දී ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ල පිළිබඳව 1807 දී ජේම්ස් කොඩිනර් පියතුමන් විසින් රචිත Description of ceylon කෘතියෙහි සඳහන් වන්නේ ‘‘එය අවිවාදයෙන්ම මේ දිවයිනේ පිහිටි මනස්කාන්තම නිවහන වන අතර ගෘහ සැලසුම් ශිල්පයට අනුව නිමවන ලද එකම ඉදිකිරීම විය හැකිය.’’ යනුවෙනි...

ඇත්තටම මෙම නටඹුන් දැකීමෙන් පෙනී යන්නේ මන්නාරමට වැටෙන අධික අව් රශ්මිය මේ දැවැන්ත ගොඩනැගිල්ලේ දැවැන්ත ගඩොල් බිත්තිවලින්, සිසිල්කර තිබෙන්නට ඇති බවයි...

වසර 220ක් පමණ පැරණි මෙය, ජාතික උරුමයක් ලෙස ආරක්‍ෂා කළ යුතු වුවත් අද වන විට ගොඩනැගිල්ලේ බටහිර බිත්ති රැසක් මූහුදට පෙරළී තිබෙනවා..

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙය පුරාවිද්‍යා ස්ථානයක් ලෙස නම්කර ඇති මුත් සංරක්‍ෂණ වැඩ පිළිවෙළක් නම් අපිට දකින්න ලැබෙන්නෑ...

දමිළ බසින් ‘අල්ලේ රාණි කොටුව’ යනුවෙන් හැඳින් වූ මෙම බංගලාව ත්‍රස්තවාදී බලපෑම් වලට නම් නතු වෙලා නෑ...

Doric Bungalow

The first governor, Frederick North, 5th Earl of Guilford was the son of British Prime Minister, Frederick North . The house was planned by the governor himself, the building was later known as 'The Doric' due to the architectural design of the columns which was similar to the Ancient Greek Doric order style. It was built at the beginning of the nineteenth century to revive and supervise the pearl fisheries. Other than being used as the residence for the governor, it was later used by "other governors, government agents, and other officials, including superintendents of pearl fishery."
පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පළමු ආණ්ඩුකරු විසූ - ඩොරික් බංගලාව 💂🏻‍♂️🏛 (Doric Bungalow) පළමු ආණ්ඩුකරු විසූ - ඩොරික් බංගලාව 💂🏻‍♂️🏛 (Doric Bungalow) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 02, 2020 Rating: 5

0 comments:

Post a Comment