වාහනයක Differential එක(අවකලකය) වැඩ කරන හැටි

වාහනයක Differential එක(අවකලකය) වැඩ කරන හැටි - Your Choice Way
මෙන්න මේකයි කතාවේ ආරම්භය.A Level Maths වල තියනවනේ අවකලනය කියලා පාඩමක්.එක එක විදිහේ ගණන් දෙනවා අවකලනය කරලා දෙන්න කියලා.එත් ඉතින් මට තිබ්බ ප්‍රශ්නේ තමා ඔකේ ඇති ප්‍රයෝජනය මොකක්ද කියලා.ඉතිං මාත් සර් ගෙන් අහලා බැලුවා.

එතකොට තමා මට වාහනේ Differential එක ගැන කියලා දුන්නේ.මේකේ තියෙන්නේ අවකලනයේ දීමක්‌ කියලා.

වාහනයක් වංගුවක් ගද්දි එකේ වංගුව පැත්තේ තියන රෝදෙට වඩා වැඩි දුරක් වංගුවට පිටින් තියන රෝදේ ගමන් කරනවා.ඒ නිසා වංගුවකදී රෝද දෙක කැරකෙන speed එක වෙනස් වෙන්න ඕනේ.
වාහනයක Differential එක(අවකලකය) වැඩ කරන හැටි - Your Choice Way
එත් රෝද දෙකම එක ඇක්සල් එකකට හයි වෙලා තිබ්බොත් ඉතිං එහෙම වේග දෙකකින් රෝද දෙක කැරකෙන්නේ නෑ.ඒ නිසා තමා Differential එක හැදුවේ (ලොරි වල එහෙම ගෙඩියක් වගේ යට පේන්න තියෙන්නේ)

එහෙම නැති උනානම් අපි පොඩ්ඩක් speed ගියත් වංගුව ගන්න බැරුව පිට පනිනවා.

මේ නිසයි කියන්නේ වංගු වලදී brake කරන්න එපා කියලා.(වංගුවට කලින් speed එක අඩු කරගෙන එන්න දැනගන්න ඕනේ) වංගුවකදී brake කරාම Differential  එකේ ක්‍රියාකාරිත්වය හරියට සිද්ධ වෙන්නේ නෑ.එතකොට වාහනේ වංගුවෙන් පිට යන්න පුලුවන්.
මෙන්න මේ video එක බලන්න.එතකොට ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන්.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වාහනයක Differential එක(අවකලකය) වැඩ කරන හැටි වාහනයක Differential එක(අවකලකය) වැඩ කරන හැටි Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 29, 2020 Rating: 5

0 comments:

Post a Comment