Bindu Bindu Tharaka Song Lyrics - බිංදු බිංදු තාරකා ගීතයේ පද පෙළ

Bindu Bindu Tharaka Song Lyrics - බිංදු බිංදු තාරකා ගීතයේ පද පෙළ
Song Title : Bindu Bindu Tharaka (බිංදු බිංදු තාරකා)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : ලූෂන් බුලත්සිංහල
තනුව : එච්.එම්. ජයවර්ධන

බිංදු බිංදු තාරකා කඳුළු මල් විලේ
උමතුවී සඳයි ඔබයි හිනැහුණා රැයේ
සුභ පැතුම් අගාධයේ ගීතිකා ඇසේ
අහිමිවු ආදරේ රත් පියුම් පිපේ
බිංදු බිංදු තාරකා කඳුළු මල් විලේ
උමතුවී සඳයි ඔබයි හිනැහුණා රැයේ

තනිවී ගිම්හානයේ
වැලපේ කොවුලා වනේ //
සඳ මත ආදරයේ සෑය මැවේ
වියැකී බඹර ගීත මලක රොන් සැළේ

බිංදු බිංදු තාරකා කඳුළු මල් විලේ
උමතුවී සඳයි ඔබයි හිනැහුණා රැයේ

විස මදු පුරවා විතේ
ගෙනදී දෝතින් ඔබේ //
මා හද සෑය දවා දෑස නිවා
නංවණු මන්දහාස මියෙන මා නෙතේ

බිංදු බිංදු තාරකා කඳුළු මල් විලේ
උමතුවී සඳයි ඔබයි හිනැහුණා රැයේ
සුභ පැතුම් අගාධයේ ගීතිකා ඇසේ
අහිමිවු ආදරේ රත් පියුම් පිපේ
බිංදු බිංදු තාරකා කඳුළු මල් විලේ
උමතුවී සඳයි ඔබයි හිනැහුණා රැයේ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bindu Bindu Tharaka Song Lyrics - බිංදු බිංදු තාරකා ගීතයේ පද පෙළ Bindu Bindu Tharaka Song Lyrics - බිංදු බිංදු තාරකා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 23, 2020 Rating: 5

0 comments:

Post a Comment