Akikaruda Obe Sithath Song Lyrics - අකීකරුද ඕබේ සිතත් ගීතයේ පද පෙළ

Akikaruda Obe Sithath Song Lyrics - අකීකරුද ඕබේ සිතත් ගීතයේ පද පෙළ
Song Title : Akikaruda Obe Sithath (අකීකරුද ඕබේ සිතත් ගීතයේ පද පෙළ)
Singing : Edward Jayakody (එඩ්වඩ් ජයකොඩි මහත්මා)
Lyrics : බන්ධුල නානායක්කාරවසම්
Music : එච්.එම්. ජයවර්ධන

අකීකරුද ඔබේ සිතත්‌
වෙරළේ පෙරලෙන රළ වාගේ
අකීකරුයි මගේ සිතත්‌
හමනා සැඩ සුළඟක්‌ වාගේ

ඒ සුළඟේ පාව යන්න
වලා රොදක්‌ සේ නැගෙන්න //

සුළඟ සැරෙන්‌ හමනා විට
ගිනිදැල්‌ තව තව ඇවිලේවී..
ඒ ගින්දර නිවාලන්න
ඒ සුළඟම විචරණ දෙෛේවී

අකීකරුද ඔබේ සිතත්‌
වෙරළේ පෙරලෙන රළ වාගේ
අකීකරුයි මගේ සිතත්‌
හමනා සැඩ සුළඟක්‌ වාගේ

ඒ සුළඟේ පාව යන්න
වලා රොදක්‌ සේ නැගෙන්න //

වෙරළේ රළ සැඩ වුවොත්‌
ඔරුකඳ කණපිට පෙරලේවී
නිසල වුනොත්‌ ඒ රළ පෙල
සුවසේ අප මෙගොඩ කරාවී

අකීකරුද ඔබේ සිතත්‌
වෙරළේ පෙරලෙන රළ වාගේ
අකීකරුයි මගේ සිතත්‌
හමනා සැඩ සුළඟක්‌ වාගේ

ඒ සුළඟේ පාව යන්න
වලා රොදක්‌ සේ නැගෙන්න //
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Akikaruda Obe Sithath Song Lyrics - අකීකරුද ඕබේ සිතත් ගීතයේ පද පෙළ Akikaruda Obe Sithath Song Lyrics - අකීකරුද ඕබේ සිතත් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 16, 2020 Rating: 5

0 comments:

Post a Comment