Song Title : Ahasa Nuba Metharam (අහස නුබ මෙතරම්)
Singing : Deepika Priyadarshani (දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය)
අහස නුඹ මෙතරම් සැඩ යැයි
දැනුණේ මහ වැසි වැටුණාමයි
පොළොව නුඹ මෙතරම් රළු යැයි
හැඟුනේ නියඟය ආවමයි //
රෑට තරු ඉසිනා අහසට
අඳුරු සිත් ලැබුනේ කොහොමද //
නේක මල් සදනා පොළොවට
නපුරු සිත් කොයිබින් ලැබුණිද
අහස නුඹ මෙතරම් සැඩ යැයි
දැනුණේ මහ වැසි වැටුණාමයි
පොළොව නුඹ මෙතරම් රළු යැයි
හැඟුනේ නියඟය ආවමයි //
නීල ඉදුවර පෑ අහසට
කඳුළු වැසි දුන්නේ කවුරුද //
පළා පැහැ ඉසිලූ මිහි මත
නියං ඇතිරූයේ කවුරුද
අහස නුඹ මෙතරම් සැඩ යැයි
දැනුණේ මහ වැසි වැටුණාමයි
පොළොව නුඹ මෙතරම් රළු යැයි
හැඟුනේ නියඟය ආවමයි
0 comments:
Post a Comment