හිමාලයෙන් වැටුණු රූමස්සල උල්කාවක් ද 🌄🏞 (Rumassala Hill)

හිමාලයෙන් වැටුණු රූමස්සල උල්කාවක් ද 🌄🏞 (Rumassala Hill)
රූමස්‌සල කඳුවැටිය නිසා තමයි ගාල්ල වරාය නොහොත් ගාලුතොට පවා නිර්මාණය වෙලා තියෙන්නේ. නොගැඹුරු ගාලු මුහුදු තීරයේ බොනවිස්‌ටාව නමැති සුන්දර කොරල් පරයත්, උණවටුනත් රූමස්‌සල නිසාම බිහිවුණු මන බඳනා ප්‍රදේශයි. පෘතුගීසි බසින් "බොනවිස්‌ටා" කියල කියන්නෙත් සුන්දර දසුන යන්නලු. 

රූමස්සලටත් ජනප්‍රවාද කතා ගොඩක් තියෙනවා.රූමස්‌සල කන්ද නිර්මාණය වූණේ හිමාලයේ කන්දේ කොටසකින් කියලයි ජනප්‍රවාදයේ කියෑවෙන්නේ. ඒ රාවණා-රාම යුද්ධයේදී තුවාල ලැබූ රාමගේ සොයුරු ලක්‌ෂ්මණට ප්‍රතිකාර කරන්නට හනුමන්තා විසින් රැගෙන ආ බෙහෙත් පැළෑටි සහිත හිමාලයේ කොටසක්‌ වැටීමෙන් රිටිගලත්, රූමස්‌සලත් නිර්මාණය වුණු බව කියනවා. 

ආතර් සී. ක්ලාක් මහතා පවසා ඇත්තේ මෙම කන්ද  අවුරුදු දහස් ගණනකට පෙර වැටුණු උල්කාපාතයක කොටසක් බවයි.

මේ සියල්ලේම ඇත්ත නැත්ත තවම දන්නේ නෑ.මෙහි ඇති ජෛවවිධත්වයත් පාරිසරික අගයත් සලකා 2003 දී රජය අභය භූමියක්‌ බවට රූමස්‌සල පත්කළා. හෙක්‌ටයාර් 170 ක්‌ වන රූමස්‌සල අභය භූමියේ හෙක්‌ටයාර් 20 ක්‌ම රක්‍ෂිත වනාන්තරයක්‌. මේ වනාන්තරයේ වටිනා දුලබ ඖෂධ ශාක රැසක්‌ දක්‌නට ලැබෙනවා.

රූමස්‌සල කන්ද මීටර් 120 ක පමණ උසකින් යුක්‌තයි. උණවටුන දක්‌වා පැතිර ඇති මෙය තුඩු දෙකකින් සමන්විතයි. එක්‌ තුඩුවක්‌ බොනවිස්‌ටා දෙසටද අනෙක්‌ තුඩුව වැල්ලේ දේවාලය දෙසටද පැතිර යනවා. මෙම කුඩා වනාන්තරයේ වෙරළ බඩ ශාක, කඩොලාන සිට තෙත් කලාපීය, වියළි කලාපීය, ශුෂ්ක කලාපීය වැනි ශාක ප්‍රජා කිහිපයක්‌ම දක්‌නට ලැබෙනවා. මේ වන වියන අතරින් ගාලු නගරයට දිස්‌වන ජපන් සාම චෛත්‍යය බොනවිස්‌ටා ප්‍රදේශයේ පිහිටා තිබෙන අතර, එහි සිට ගාලු ප්‍රදේශයත්, වරායත් අලංකාරව දැකගත හැකියි. 

මෙම සාම චෛත්‍ය පසෙක හනුමන්තාගේ රුවක්‌ද නිර්මාණය කර ඇත්තේ මෙහි පවතින ජනප්‍රවාදය හේතුවෙන් විය හැකියි. මුහුද අද්දර පිහිටියත්, මෙම රූමස්‌සල වනවදුලේ කිතුල්, මාවේවැල්, රදලිය, ගොඩපර, මහනුග, ගොරක, මාදං, වල්අඹ, දිවුල්, රුක්‌ අත්තන, වල්දෙල් වැනි ශාකද දැකගත හැකියි. රුහුණු ඔසු උයන නමින් ප්‍රචලිත මෙහි ඖෂධ පැළෑටි 150 ක්‌ පමණ ඇතැයි රුහුණු විශ්වවිද්‍යාලය මගින් සනාථකර තිබෙනවා.

අතීතයේදී රූමස්‌සල ඝන වනාන්තරයකින් සමන්විත වූ බව කියනවා. එකල ගාලු වරායට පැමිණි නැව්වලට පානීය ජලය සපයා දී ඇත්තේත් රූමස්‌සල පිහිටි දියපාරවලින්. එවන් දියපහර අදත් දකින්නට තිබෙනවා. රූමස්‌සල ගතකළ දින කිහිපයේ අප මේ වනාන්තරවලත්. ජංගල් බීච් නම් ප්‍රකට වනමංවලත්, මුහුදු වෙරළේත් අසිරිය අපි විඳගත්තා. එදා වනාන්තරයක්‌ වුණත් අද සුවිසල් ගම්මානයක්‌ වන රූමස්‌සල වනපෙත විනාශ වීමේ අනතුරක තිබෙන බවත් මෙහි සඳහන් නොකර බැහැ. 

මෙම කඳු මුදුනේ පලතුරු ගස් වලින් අනූන පලතුරු  උයන් ඇති අතර වසර පුරා ඒවායේ ඉදුණු පලතුරු පවතී. එහි යන කෙනෙකුට ඕනෑතරම් පලතුරු කෑ හැකිය නමුත්  ආපසු යන විට ගෙන යා නොහැකි බවද කියවේ.

Rumassala Hill🏞🌄

Sri Lanka is an island famed for its beautiful tropical beaches. Of the coastal cities in Sri Lanka, Unawatuna is especially renowned for its sunny climes, white beaches, and fun parties.  What is not very well-known about this place, is that it is also a place of many folktales and legends.

Amongst these, one of these is the legend of Rumassala Hill.

The Legend
The famous Sanskrit epic Ramayana, written by the Hindu saint Valmiki, is a brave tale for all ages with philosophical and ethical elements interspersed in between. In the story; the reincarnated god, Prince Rama’s wife Sita was kidnapped by the Asura King Ravana while they were exiled to the forest though a deceitful betrayal.

After months of searching, Rama and his younger brother Lakshmana (who also joined him in exile) were able to trace Sita to Sri Lanka with the help and powers of the immortal monkey demigod Hanuman. After establishing contact with her, Rama, Lakshmana, Hanuman, and whole army of humans and monkeys waged war on the Asuras to rescue the princess.

During the war, Lakshmana was fatally wounded and reached the brink of death. With Rama feeling crushed and greatly aggrieved, Hanuman swiftly to the Holy Sanjeevi (Immor Mountain in the Dhronagiri range which was supposed to be a paradise for every type of miraculous herb on earth. But, when faced with the thousands of herbs, Hanuman lacked the knowhow to find the right herb. So, he used his godly strength to lift the entire mountain from its roots and took it to Rama so that Lakshmana could be healed.

When Hanuman was flying back to Sri Lanka, it is said the mountain overbalanced slightly and a piece broke off and fell, landing on the southern end of the island. There were also four other pieces that broke off to the north, the center, west and north west of Sri Lanka.  There were pieces that fell in India as well. The rest of the mountain was safely carried back to Rama and was used to heal Lakshmana back to full health. Later the war was a victory and Princess Sita was rescued. This is what the epic sa
හිමාලයෙන් වැටුණු රූමස්සල උල්කාවක් ද 🌄🏞 (Rumassala Hill) - Your Choice Way

හිමාලයෙන් වැටුණු රූමස්සල උල්කාවක් ද 🌄🏞 (Rumassala Hill) - Your Choice Way

හිමාලයෙන් වැටුණු රූමස්සල උල්කාවක් ද 🌄🏞 (Rumassala Hill) - Your Choice Way

හිමාලයෙන් වැටුණු රූමස්සල උල්කාවක් ද 🌄🏞 (Rumassala Hill) - Your Choice Way

හිමාලයෙන් වැටුණු රූමස්සල උල්කාවක් ද 🌄🏞 (Rumassala Hill) - Your Choice Way

හිමාලයෙන් වැටුණු රූමස්සල උල්කාවක් ද 🌄🏞 (Rumassala Hill) - Your Choice Way

හිමාලයෙන් වැටුණු රූමස්සල උල්කාවක් ද 🌄🏞 (Rumassala Hill) - Your Choice Way

හිමාලයෙන් වැටුණු රූමස්සල උල්කාවක් ද 🌄🏞 (Rumassala Hill) - Your Choice Way
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
හිමාලයෙන් වැටුණු රූමස්සල උල්කාවක් ද 🌄🏞 (Rumassala Hill) හිමාලයෙන් වැටුණු රූමස්සල උල්කාවක් ද 🌄🏞 (Rumassala Hill) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 06, 2020 Rating: 5

0 comments:

Post a Comment