රූපයේ ඇසුරින් ඔබේ පෞරුෂය ගැන දැනගන්න (Find Out About Your Personality Through The Image)

රූපයේ ඇසුරින් ඔබේ පෞරුෂය ගැන දැනගන්න (Find Out About Your Personality Through The Image)
අද වන විට මෙවැනි මනෝවිද්‍යාත්මක පරීක්ෂණ අන්තර්ජාලය පුරා ඉතා ඉහල ප්‍රතිශතයකින් ප්‍රචලිත වෙලා තියෙනවා.මනෝ චිකිත්සකවරයෙකු,උපදේශකවරයෙකු හමු වීමට යාමට කාලය වැය කිරීම,මුදල් ,කාලය වැය කිරීම ආදී වෙහෙසකර ක්‍රියාවන්ගෙන් තොරව ඉතාම පහසුවෙන් මෙවැනි සරල පරීක්ෂණ හරහා තමන් ගැන යම් යම් කරුණු අනාවරණය කර ගැනීමට මිනිසුන්ට හැකියාව ලැබී ඇති නිසා සමහරවිට මෙවන් පරීක්ෂණ අන්තර්ජාලයේ ප්‍රචලිත වන්නට ඇත.නමුත් මේ සැම පරීක්ෂනයක්ම සැම කෙනෙකුටම 100%ක්ම එකඟ නොවන බව බොහෝ අවස්ථා වලදී අපිට දකින්නට ලැබෙනවා.නමුත් 95%ක්ම පිරිසට මෙවැනි පරීක්ෂණ හරහා 90%ක පමණ නිවැරදි ප්‍රතිපල ලැබෙන බව ස්ථිරය.

එය එසේ නොවේ නම් ඔබ අද මෙම පරීක්ෂණය කරන්නට සිතන්නේද නැත.මෙවැනි පරීක්ෂන අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වන්නේද නැත.ඔබ අද මෙය කියවන්නේ මින් පෙර අවස්ථාවක ඔබට අන්තර්ජාලයෙන්ම ඔබ ගැන තරමක් හෝ දුරට සත්‍ය තොරතුරු හමු වී ඇති නිසා බව අපගේ විශ්වාසයයි.ඉතින් පහසුවෙන් සිදු කල හැකි මෙවැනි සරල මනෝවිද්‍යාත්මක පරීක්ෂණ අපිද ඔබ වෙත ගෙන එන්නේ එනිසාමයි.එහි සත්‍යතාවක් ඇති නිසාමය.එසේ නොවුනා කියා සිතමු.එසේ වුවත් ඔබට මෙම පරීක්ෂණය සිදු කරන්නට තමන්ගේ ප්‍රතිපලය කියවීමට ගත වන්නේ මිනිත්තු කිහිපයකි.

ඉතින් ඔබ බලාපොරොත්තු වන ප්‍රතිපලය ඔබට නොලැබෙන්නේ නම් ඔබට මෙය හුදෙක් ඔබේ විනෝදාස්වාදය සඳහා අත්හදා බැලු සරල පරීක්ෂණයක් කියා සිතා විනෝදයක් ලැබිය හැකිය.ඔබට සත්‍යතාවයක් හමු වේ නම් ඒ ඇසුරින් ඔබේ ජීවිතය තියෙනා මට්ටමෙන් එක අංශුමාත්‍රයක් හෝ ඉහලට යාමට එය යම් ආකාරයකින් හෝ පිටුවහලක් ,උපදේශයක් බවට පත් කරගන්න.එයයි මෙවැනි පරීක්ෂණ ඔබ හමුවට ගෙන එමෙන් හෙළ රහස් අපි බලාපොරොත්තු වන්නේ.ඉතින් උත්සහ කර බලන්න.රුපයේ දෙස බලන්න.එක්වරම එය දෙස බලු විට ඔබට මුළු රූපයම එසැනින් ග්‍රහණය වන්නේ නැත.මෙම රුපය තුල ඇස්,ගස්,මිනිස් මුහුණු යන පිළිතුරු 3 අන්තරගතව ඇත.නමුත් මෙම වර්ග තුනෙන් ඔබට එක්වරම ග්‍රහණය වන්නේ බොහෝ විට එක දෙයකි.එය ඇසුරෙන් ඔබේ පෞරුෂය ගැන හෙළි වන කරුණු ගැන යමක් දැනගැනීමට උත්සහ කරන්න

ගස-ඔබේ අවදානයට ලක් වූ පළමු දෙය ගස නම්,ඉන් අදහස් වෙන්නේ ඔබ ඔබ ඔබේ ජීවිතය ජීවත් කිරීමට උත්සහ කරන පුද්ගලයෙකු බවයි.ඔබ ජවසම්පන්න පුද්ගලයෙක් නිර්මාණශීලියි.කලාවට සොබාදහමට ලැදියි.එසේ වුවත් ඒකාකාරිත්වයට නම් කිසිසේත්ම කැමති නැත.එකම දේ හැමදාම කිරීමට ඔබ අකමැතියි.අලුත් අලුත් දේවල් කරන්නට,නව අත්දැකීම් ලබන්නට,වික්‍රමාන්විත ක්‍රියා වල යෙදීමට ඔබ ආශා කරයි.එසේම ඔබේ තවත් එක සුවිශේෂී ගතිගුණයක් වන්නේ ඔබ සැමවිටම සතුටින් සිටීමයි.

ඔබ සිත ඇතුලෙන් ප්‍රශ්න ගොඩකට මැදි වෙලා ඉන්නට පුළුවන්.එනමුත් ඔබේ මුවින් බාහිරට ප්‍රදර්ශනය වන්නේ සුන්දර සිනහවක් පමණි.එනිසාම අවට ඇති පුද්ගලයින් සිතන්නේ ඔබ බොහොම සතුටින් ජීවත් වෙන අයෙකු බවයි.එනිසාම ඔවුන්ද ඔබව අනුගමනය කිරීමට උත්සහ කරයි.ඔවුන් ඔබට ආදරය කරයි.ඔබට ඔවුන්ගේ ජීවිත සතුටින් පුරවාලීමට හැකියි.එයට ඔබේ සැබෑ මානසික තත්වය බලපාන්නේ නැත.එනිසාම මිනිසුන් ඔබේ ඇසුරට කැමති අතර ඔබ සමඟ කතා බහ කිරීමෙන් බොහෝ විට එම පුදගලයින්ගේ සිත සැහැල්ලු වේ.ඊට හේතුව ඔබේ ආදරණිය,කරුණාවන්ත වදන්ය.එනිසාම ඔබ මනුෂ්‍යත්වයේ සත්‍ය සංකේතයක් ලෙස දැක්විය හැකිය.

ඇස්-ඔබ මුලිම දුටුවේ ඇස් නම් ඔබ තරමක දුර්ලබ පුද්ගලයෙක්.ඊට හේතුව නම් ඔබට ඔබ ගැන තේරුම් ගැනීමට හැකියි.’මං කව්රුන්ද?මට මොනවද ඕනේ?’ආදී ලෙස තමන් ගැනම තමන්ට ප්‍රශ්නයක් ඇති නොවේ.ඒ ඔබට ඉතා හොඳින් ඔබගේ හැඟීම් හඳුනා ගැනීමට හැකි නිසාය.එලෙසම ඔබට ඔබ වටා සිටිනා අයගේ සිත් තේරුම් ගැනීමටද හැකියාව ඇත.ඔබ හැඟීම් ප්‍රකාශ කිරීමේ සමතෙකි.ඔබේ මෙම ගතිගුණ ,කරුණාව නිසාම ඔබ වටා ඇති පිරිසද ඔබට ආදරය කරයි.

මුහුණු දෙක-දර්පනයක් ඉදිරියට ගිය විටදී ඔබේ මුහුණ දර්පණයෙන් පෙනෙන ප්‍රතිබිම්බය හා සැබෑ මුහුණ ලෙස එකිනෙක දෙස මුහුණට මුහුණ යොමාගෙන ඇති මුහුණු දෙක ඔබ දුටුවා නම් ඉන් කියවෙන්නේ ඔබ ඔබට හැඟෙන දේ බාහිරට ප්‍රකාශ කිරීමට සබකෝලයක් දක්වන එනම් අදහස් ප්‍රකාශ කිරීමේ දුර්වලයෙකු බවයි.එසේ වුවත් ඔබ ඉතාම බුද්ධිමත් අයෙක්.ඔබේ අදහස් ඉතා දීප්තිමත්.අරමුණු දීප්තිමත්.එනිසා ඔබ ඔබේ ඉලක්කයන් ජය ගැනීමට අවශ්‍ය සැම ආකාරයකින්ම උත්සහ කරන්න.ඒ වෙනුවෙන් කැප වෙන්න.එවිට ඔබේ අරමුණු,ඉලක්කයන් පහසුවෙන් ජය ගත හැක.
උපුටා ගැනීමකි....
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රූපයේ ඇසුරින් ඔබේ පෞරුෂය ගැන දැනගන්න (Find Out About Your Personality Through The Image) රූපයේ ඇසුරින් ඔබේ පෞරුෂය ගැන දැනගන්න (Find Out About Your Personality Through The Image) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 23, 2020 Rating: 5

0 comments:

Post a Comment