ඇල්ලෙන් පහලට වැටුනු - ඇතාමළ ඇල්ල 🐘 (Ethamala Ella 🐘💧)

ඇල්ලෙන් පහලට වැටුනු - ඇතාමළ ඇල්ල 🐘 (Ethamala Ella 🐘💧)
මොකක්ද මේ ඇතාමළ ඇල්ල.. අපි මුලින්ම මේ ඇල්ලට නම ආපු හැටි හොයමුකෝ මෙතැන ඉස්සර කාලෙක ඇතෙක් මළ නිසා ඇතා මළ ඇල්ල ලෙස ව්‍යවහාර වුණ බවයි කියවෙන්නේ. 

ඒ කියන්නේ අතීතයේ මෙම ස්ථානයේ අලිමංකඩක් පැවති බැවින් මෙහි නිතර අලි ඇතුන් ගැවසී ඇති බවත් දිනක් මෙම මංකඩින් යන ඇතෙකු ඇල්ලෙන් පහලට ඇදවැටී මරණයට පත්වුණු බැවින් මෙම ස්ථානයට ඇතාමළ ඇල්ල ලෙස නම ලැබුණු බව ජනප්‍රවාදයේ කියැවෙයි. 

මෙම දියඇල්ල කොටස් දෙකකට පහළට කඩා හැලෙන අතර උඩ කොටසින් ජල පහර පහලට කඩා වැටී ජලය නිදහසේ පහලට ගලාගොස් දෙවැනි ඇල්ල නිර්මාණය වනවා. දෙවැනි කොටසේ ජලය පහලට වැටී විශාල ජල තටාකයක් නිර්මාණය වෙයි. මෙය ස්වභාවික නාන තටාකයක් ලෙස සංචාරකයින් හා ගැමියන් භාවිතා කරන අතර ඇල්ල අවට ශ්‍රී ලංකාවට ආවේණික මත්ස්‍යයින් රාශියක්ද දැකගත හැකිය.

බොහෝ උස නැති එහෙත් අලංකාර දියඇල්ලක් විදිහට හඳුන්වන්න පුලුවන්. මෙතන නාන්නනම් හොඳ තැනක් නොවන බවත් ඔබට මතක් කල යුතුමයි.

ඇතාමළ ඇල්ල නිල්වලා ගඟෙන් නිර්මාණය වන අතර මෙය නිල්වලා ගඟ සතු එකම දිය ඇල්ල ලෙස හැඳින්වෙයි. මෙය පහුරුතොට ඇල්ල ලෙසද හඳුන්වයි. නිල්වලා ගඟෙහි ජලයත් සමඟ මීටර 52ක් පමණ උසකින් මෙම සුන්දර දියඇල්ල සොබාදහමේ අපූර්ව නිර්මාණයකි. රමණීය වටපිටාවක් සහිත මේ දියඇල්ල දිය නෑමට සුදුසු ස්ථානයක් නොවෙයි.

මෙතනට යන්නේ මෙහෙමයි.දෙනියාය පාරේ පිටබැද්දර පහු කරලා ගමන් කරද්දී හම්බවෙන නිල් ඇල්ල වතුයාය ළඟින් දකුණු පැත්තට පල්ලෙහාට තියෙන පාරෙ පොඩි දුරක් ගියාම මේ ඇතාමළ ඇල්ල හම්බෙනවා.

Ethamala Ella

Height : 52 meters
District : Matara

The Ethamala Ella Fall is so named as an elephant is said to have died after being swept along in the powerful water, which tumbles down an impressive 52m drop. The area surrounding the fall is alive with wildlife, particularly birds, whose songs mingle with the sound of the rushing water.

Situated near Akurassa town in the Matara district (in the Pitibaddara Divisional Secretariat Pavuruthota village’s GS area). If approaching from Morawaka town, head towards Neluwa Pitabaddara for 5km to Ethumala junction. Turn left and continue for another 3km. If approaching from Akurassa town, take the Siyambalagoda Road to Pitabaddara town. From here it is a further 14km to the Ethumala junction, at which turn right and continue for 3km.

It is said that this massive waterfall fed by the Nilwala River was on a Elephant Migration Path and an elephant fell to death off this 52 meter fall. Thus this waterfall was called Etha Mala Ella.
ඇල්ලෙන් පහලට වැටුනු - ඇතාමළ ඇල්ල 🐘 (Ethamala Ella 🐘💧) - Your Choice Way

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඇල්ලෙන් පහලට වැටුනු - ඇතාමළ ඇල්ල 🐘 (Ethamala Ella 🐘💧) ඇල්ලෙන් පහලට වැටුනු - ඇතාමළ ඇල්ල 🐘 (Ethamala Ella 🐘💧) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 18, 2020 Rating: 5

0 comments:

Post a Comment