ලෝකයේ තදම නීති පද්ධතීන් ඇති රටවල් (Countries With The Strictest Legal Systems In The World)

ලෝකයේ තදම නීති පද්ධතීන් ඇති රටවල් (Countries With The Strictest Legal Systems In The World) - Your Choice Way
රටේ ප්‍රතිපත්ති, නීති සහ විනය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම බොහෝ දෙනා විසින් දැඩි ලෙස රළු තීරණයක් ලෙස දැකිය හැකි නමුත් අනෙක් අය එය අත්‍යවශ්‍ය දෙයක් ලෙස සලකන්න පුළුවන්. සමහරු තද නීති නිසා අධික පීඩනයට ලක්වීමට සිදු වන නිසා මෙය බොහෝ විට ජනතාවගේ අමනාපයට හේතු වන බවත් පවසනවා. කොහොම වුනත්, නීති රීති දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පෙනී සිටින අය පවසන්නේ එසේ කිරීමට හේතුව නිතිය සහ විනය දැඩි වෙන්නේ නැත්නම් මිනිසුන් එය සැහැල්ලුවට ගන්නටත්, නීති පිලි නොපැද සිටීමටත් පෙළඹෙන නිසා බවයි.

කොහොම වුනත් අපි දැන් කියන්න යන රටවල් 10 තමයි ලෝකයේ තදම නීති පද්ධතින් තියෙන රටවල් දහය. ඒ වගේ රටවල් වල අපි සිහිනෙකින්වත් නොසිතන දේවල් වලටත් තද නීති තියෙනවා වගේම එම නීතිය කඩ කරන්නන්ටත් දැඩි දඬුවම් හිමිවෙනවා.

උතුරු කොරියාව -උතුරු කොරියාව කියන්නේ තවමත් සම්පූර්ණයෙන්ම කොමියුනිස්ට් රටක්. උතුරු කොරියාව විසින් ඇමරිකාව සහ දකුණු කොරියාව හැරුණු විට වෙනත් ඕනෑම රටකින් සංචාරකයන් ගෙන්වා ගැනීමට කැමතියි. ඒ වගේම සංචාරකයන් එම රටට පැමිණි පසු ඔවුන්ගේ පෞද්ගලික සහායට, Minders නම් පිරිසක් යොදවා තිබෙනවා. ඒ අනුව එම සංචාරකයන් උතුරු කොරියාව පුරා රැඳී සිටින මුළු කාලය තුළම සහ ඔවුන් නැවතත් තමන්ගේ රටවල් බලා පිටත් වනතුරුම මෙවන් Minder කෙනෙකුගේ සහය ඔවුන්ට ලැබෙනවා.

ඔවුන් විසින් එම සංචාරකයන් කිසිදු ආකාරයෙන් නීතියට පටහැනි දෙයක් සිදු නොකරන බවට වගබලා ගන්නවා. විශේෂයෙන්ම සංචාරකයන් විසින් උතුරු කොරියානු රජයට විරුද්ධව කතා කිරීම වැනි දේවල්. පරිපාලනය විසින් රූපවාහිනී ගුවන්විදුලි සහ සියලුම මුද්‍රණ කටයුතු සිදුකෙරෙන අතර ප්‍රවෘත්ති සඳහා ලබාදෙන තොරතුරු විකාශය වීමට පෙර නිරීක්ෂණය කෙරෙනවා. ඒ වගේම අන්තර්ජාලයට පිවිසීමේ පහසුකම කිසිදු බාධාවකින් තොරව කිරීමට ලැබෙන්නේ පරිපාලනයේ සිටින ප්‍රභූවරුන්ට පමණක් වන අතර ඔවුන්ගේ අන්තර්ජාලයෙන් කෙරෙන කටයුතු නිතරම නිරීක්ෂණයට ලක් වෙනවා.

උතුරු කොරියාවේ සියලු කටයුතු සීමාසහිත වෙනවා. උදාහරණයක් වශයෙන් උතුරු කොරියාවේ මිනිසුන්ට උද්‍යාන වැනි ස්ථානවල නිකරුනේ ගැවසීම තහනම්. එසේ සිටිනවා නම් ඒ සඳහා ඔවුන්ට හොඳ හේතුවක්ද තිබිය යුතුයි. ඒ වගේම විවාහයට පෙර ලිංගික සබදතා තහනම්. එවන් සබඳතා නිරීක්ෂණය කිරීමට වෙනම පොලීසියක් ද තිබෙනවා. උතුරු කොරියාවේ ඇඳුම් ඇඳීම පිළිබඳ නීති තිබෙන අතර එයට අනුව කාන්තාවන්ට කලිසම් ඇඳීම තහනම් වන අතර පිරිමින් සෑම දින පහළොවකට වරක් ම තමන්ගේ කොණ්ඩය කැපිය යුතු වෙනවා. මෙවන් නීති කඩකරන අයට නිශ්චිත කාල පරාසයක් තුළ බලහත්කාරයෙන් වැඩවල යෙදවීම සිදුවෙනවා.

ඉරානය-වෙනත් බොහෝ රටවල් වල මෙන් දාර්ශනික පදනමක් මත නොව ඉරානය පාලනය වෙන්නේ ආගම මතයි. එනම් ෂරියා නීතිය මතයි. විශේෂයෙන්ම ඉරාන රජය පිළිබඳ විවේචනය කිරීම, ඔබව කරදරයට පත් කිරීමට ප්‍රමාණවත් වන අතර facebook, google+ සහ youtube වැනි වෙබ් අඩවි සඳහා පිවිසීමද ඔබ කරදරයට ඇද දැමීමට සමත් වරදවල් වෙනවා. ඉරානයේ දී පිරිමින් සඳහා හිතෙන හිතෙන කොණ්ඩා මෝස්තර දැමීම තහනම් වන අතර ඔවුන් සඳහා නියම කරන ලද ආකාරයට පමණක් කොණ්ඩය කැපිය යුතු වෙනවා.

ඒ වගේම කාන්තාවන්ට හිජාබයකින් හිස ආවරණය කරගැනීම සහ ඇඟට ඇලෙන කලිසම් නොඇදීම වැනි නිශ්චිත ක්‍රමවේදයට ඇඳුම් නොඇඳ එලියට බසිනවා නම් එය නීතිය ඉදිරියේ වරදක් කොට සැලකෙනවා. ජෑස්, පොප් සහ රැප් වැනි බටහිර සංගීතය එම රටේ තහනම් වන අතර කාන්තා සහ පිරිමි දෙපාර්ශවයටම මද්‍යසාරද තහනම් දෙයක් වෙනවා.

සිරියාව– සිරියාවේ මේ වනවිට රජය සහ රජයට එරෙහි කැරලිකරුවන් අතර ඇති ගැටුම් නිසා රට පුරාම ඇත්තේ කලබලකාරී සහ යුදමය ස්වරූපයක්. රජයට එරෙහිව ක්‍රියා කරන්නන් වැළැක්වීම පිණිස එරට රජය විසින් දැඩි ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා ඒ අතර දුරකථන හෝ අන්තර්ජාලය හරහා සන්නිවේදනය කිරීම සැලකිය යුතු ලෙස සීමා කර තිබෙනවා. ඒ වගේම විදේශීය වාර්තාකරුවන්ට එරටට පැමිණීම තහනම් වන අතර ප්‍රවෘත්ති ලෙස ඉදිරිපත් වන දේවල් දැඩිව නිරීක්ෂණය කෙරෙනවා. දේශීය වාර්තාකරුවන් රජයට එරෙහි වීම ඔවුන්ට දැඩි දඬුවම් හෝ මරණය පවා අත්විය හැකි වරදක් වෙනවා.

එරිත්‍රියාව-අප්‍රිකාවේ මට්ටමට ඉහළින් පිහිටා ඇති එරිත්‍රියාව 1993 දී බලයට පත් වූ ජනාධිපති ඉසියාස් අෆුවර්කි විසින් පාලනය කර ඇත. ජනාධිපතිවරයාට සහ ඔහුගේ රජයට රටේ ජනමාධ්‍යවල පූර්ණ පාලනය හිමිවිණි. කිසිම ප්‍රවෘත්තියක් ජනාධිපති කාර්යාලයේ අනුමැතියකින් තොරව කිසිමවිටෙක ප්‍රකාශයට පත් කිරීම හෝ විකාශනය කිරීම සිදු නොවේ. ආගම ද රජය මගින් පාලනය වේ. ප්‍රසිද්ධියේ වැඳුම් පිදුම් කිරීමට කිසිවෙකුට අවසර නැති අතර, යම් ආගමක් ඇදහීමට පෙර එම නිකායකට සාමාජිකයෙකු ලෙස ඉල්ලුම් කළ යුතුය.

සමක ගිනියාව-සමක ගිනියාවේ, කියවීමට හා ලිවීමට ඉගෙන ගැනීමට මිනිසුන් ධෛර්යමත් කරන්නේ නැත. රටේ පොත් සාප්පු හෝ පුවත්පත් කියවීමට ස්ථානදා නැත. සාමාන්‍යයෙන් විදේශිකයන්ට රට තුළට ඇතුළුවීමට ඉඩ නොදෙන බැවින් සංචාරක කර්මාන්තයද බොහොසෙයින් අඩු ය. 1973 දී කුමන්ත්‍රණයකින් පසු ජනාධිපති Teodoro Obiang Nguema Mbasogo විසින් පාලනය කරනු ලබන රජය රූපවාහිනී හා ගුවන් විදුලි මධ්‍යස්ථාන පාලනය කරයි. සමක ගිනියාවට ඇතුළුවීමට අවසර ඇති විදේශිකයන්ව සමීපව අධීක්ෂණය කරනු ලබන අතර එරටේ දිළිඳුකම නිරූපණය කරන දර්ශන රූගත කිරීම තහනම් කර ඇත.

සෞදි අරාබිය– සෞදි අරාබිය මෑතකදී ඔවුන්ගේ වැසුනු සැඟවුණු තිර රෙදි ඉවත් කර සෙසු ලෝකය සමඟ එකතු වුනත්, රටේ තවමත් ආගමෙන් හා සම්ප්‍රදායන්ගෙන් පැනනැඟී ඇති නීති ගැඹුරින් මුල් බැස තිබෙනවා. බොහෝ දුරට කාන්තාවන්ට අදාළ වන සමාජ නීති දැඩි ය. නිදසුනක් වශයෙන්, කාන්තාවන්ට රිය පැදවීමට හෝ ඥාතියෙකු නොවන පිරිමියෙකු සමඟ සිටීමට හෝ සැහැල්ලු සාමන්‍ය ඇඳුම් වලින් ප්‍රසිද්ධියේ එළියට යාමට අවසර නැත. අන්තර්ජාල ප්‍රවේශය සීමා කර ඇති අතර මාධ්‍ය ආයතන සමීපව නිරීක්ෂණය කරනු ලැබේ. ජ්‍යෙෂ්ඨ සංස්කාරකවරුන් විසින් එරට රජයට විරුද්ධ යම් දෙයක් ප්‍රකාශයට පත් කිරීමට ඉඩ දෙන්නේ නම් ඔවුන් සේවයෙන් පහ කර අත්අඩංගුවට ගත හැකිය.

කියුබාව-කියුබානු සුරුට්ටු සහ දිවංගත ෆිදෙල් කැස්ත්‍රෝගේ නිජබිම වන කියුබාව ප්‍රධාන වශයෙන් ලෝකයේ ඉහළම නිවාඩු ගමනාන්තයක් ලෙස ප්‍රසිද්ධය. එහෙත් එහි පාරාදීස වැනි වෙරළ සහ ලතින් සංගීතය පිටුපස කියුබාව තවමත් කොමියුනිස්ට් රටක් වන අතර රජයට එරෙහිව කතා කරන අය නිතරම කරදරයට පත් වීම අනිවාර්ය වේ. අන්තර්ජාලය නිරන්තරයෙන් පරීක්‍ෂා කරනු ලබන අතර, රාජ්‍ය විරෝධී අදහස් පළ කරන ලේඛකයින් අත්අඩංගුවට ගනු ලැබුවහොත් සිරා දඬුවම් විඳීමට සිදුවනු ඇත. කියුබානුවන් සාද පවත්වන ආකාරය හොඳින්ම දන්නා අතර ඔවුන්ගේ මත්පැන් භාවිතයේ සීමාද දනී. නමුත් හිප්හොප් සහ රෙගේ සංගීතයෙන් අභාෂය ලැබූ රෙගේටන් සංගීතය වාදනය කිරීම නම් විශාල වරදකි.

චීනය-චීනයට ඉතාම ශක්තිමත් ආර්ථිකයක් ඇති අතර චීනය වෙනත් බොහෝ රටවල් සමග සබඳතා පවත්වන බැවින්, ඔවුන්ගේ අසල්වැසි රටවල් සමග ඇති දේශසීමා ආරවුල් අභිබවා අනිත් විදේශ රටවල් සඳහා හොඳ ධනාත්මක ප්‍රතිරූපයක් පෙන්වීමට සමත් ද සිටිනවා. කෙසේ වෙතත් චීනය තාමත් කොමියුනිස්ට් රටක් වන නිසා කිසිම කෙනෙක්ට එහි රජයට ඉහළින් යා නොහැකියි. රජයට එරෙහිව කතා කරන ඕනෑම කෙනෙකු නිහඬ කිරීමට ඔවුන් කටයුතු කරන අතර එරට මාධ්‍ය සහ සමාජ ජාල මාධ්‍ය සීමාසහිත වෙනවා. ඒ වගේම බටහිර රටවල සිතුම් පැතුම් සහ ආභාෂයන් එරට තරුණ පරපුර වෙත ලබාදීමට උත්සාහ කිරීම තහනම් වන අතර විප්ලව, වෙනස්වීම් සහ ප්‍රතිස්ථාපන ආදී දේවල් පිළිබඳ කතා කිරීම අපරාධයක් ලෙස සලකනවා.

ජපානය– බොහෝ කලකට පෙර ජපානයේ පැවති වැඩවසම් ක්‍රමය නූතන ජපාන රජය සිය ව්‍යාපාර කටයුතු කරන ආකාරය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කළ බව බොහෝ දෙනා විශ්වාස කරනවා. අධිකාරියේ ධූරාවලියක්‌ සෑම ව්‍යුහයකම ; නිවස, පාසල, කාර්යාලය සහ සේවා ස්ථානය තුළ බහුලව දක්නට ලැබෙනවා. සෑම කෙනෙකුම තමාට වඩා ඉහලින් සිටින තැනැත්තාට ගරු කරනවා. ජපාන සමාගම් ද දැඩි ක්‍රියාකාරී ප්‍රතිපත්ති අනුගමනය කරන අතර ප්‍රධාන විධායක නිලධාරියාගේ සිට සුළු සේවක කාර්ය මණ්ඩලය දක්වා සියලුම සේවකයින් ඔවුන්ගේ උපරිමය හා විශිෂ්ටතම සේවය ලබාදීම අපේක්ෂා කරනවා. ඒ වගේම දෙවන ලෝක යුද්ධය සහ හිරෝෂිමා නාගසාකි වෙත හෙළන ලද බෝම්බ පිළිබඳ කතා කිරීමත් ජපානයේ තහනම් වෙනවා.

සිංගප්පූරුව. සිංගප්පූරුව කුඩා රටක් විය හැකි නමුත්, රජය විසින් ඔවුන්ගේ නීති රීති සහ ප්‍රතිපත්ති දේශීය හා සංචාරකයින් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීම මෙම ලැයිස්තුවේ ඇති අනෙකුත් රටවලට සාපේක්ෂව ඉහළ මට්ටමක පවතිනවා. ඕනෑම වැරදි ක්‍රියාවක් කල කෙනෙකු දඩ මුදලක් ගෙවිය යුතු වෙනවා. ප්‍රසිද්ධියේ පාරට කෙළ ගැසීම දඩයක් ගෙවීමට හේතුවක් වෙනවා. ප්‍රසිද්ධියේ දුම් පානය කිරීමෙන් ඔබට බරපතල කරදර ඇති වෙනවා. පිටතට යන විට වැරදි ඇඳුමක් ඇඳීම නිසා ඔබව සිරගත කිරීම පවා කල හැකියි. ඒවා සුළු සුළු උල්ලංඝනයන් පමණයි. බරපතල අපරාධකරුවන් සමඟ කටයුතු කිරීමේදී සිංගප්පූරු රජය කෙතරම් දැඩි දැයි කෙනෙකුට සිතා ගැනීමටත් අපහසු වේවි.

එහෙත් මෙම නීතිරීති ඉතා තදින් පිළිපැදීම නිසා සිංගප්පූරුව බොහෝ දියුණු යුරෝපීය රටවලට වඩා ඉහළ ජීවන තත්වයක් සහිත ලෝකයේ ප්‍රබල මට්ටමේ ආර්ථිකයකටත් හිමිකම් කියනවා. මේ ලයිස්තුව දිහා බැලුවම ශ්‍රී ලංකාව ගැන හිතෙන්නේ මොකක්ද? ලංකාවට සුදුසු වන්නේ මේ ආකාරයටම තද නීති පද්ධතියක් ද? එහෙම නැත්නම් දැනට පවතින නීති පද්ධතිය ගැලපෙනවාද? ඕනෑම රටක සංවර්ධනය සඳහා එරට නීති පද්ධතියෙන් ලොකු බලපෑමක් සිදුවන බව හැමෝම දන්න කාරණයක්නෙ. ඉතින් ලංකාවට අදාලව මේ කාරණය ගැන ඔබේ අදහස් අපට කියන්න අමතක කරන්න එපා.
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ලෝකයේ තදම නීති පද්ධතීන් ඇති රටවල් (Countries With The Strictest Legal Systems In The World) ලෝකයේ තදම නීති පද්ධතීන් ඇති රටවල් (Countries With The Strictest Legal Systems In The World) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 18, 2020 Rating: 5

0 comments:

Post a Comment