කොරෝනා ආසාදිත කතක් දිවුලපිටියෙන් හමුවෙයි (Corona Infected Woman Found In Divulapitiya)

කොරෝනා ආසාදිත කතක් දිවුලපිටියෙන් හමුවෙයි (Corona Infected Woman Found In Divulapitiya) - Your Choice Way
දිවුලපිටියේ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.එම කාන්තාව මේ වන විට කොළඹ IDH රෝහලට ඇතුලත් කර ඇත.

මෙම කාන්තාව උණ රෝගී තත්ත්වයෙන් ගම්පහ රෝහලට ඇතුලත් කර  ඇති අතර එහිදී රෝගය සුවවී නිවසට යවන අවස්ථාවේදී සිදුකළ PCR පරික්ෂනයකින් ඇයට කොවිඩ් 19 ආසාදිතයෙක් බවට හඳුනා ගෙන ඇත.
ඒ අනුව ගම්පහ රෝහලේ කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකු පමණ සහ එම කාන්තාව සේවය කළ පෞද්ගලික ආයතනයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 40 දෙනෙකු පමණ මේ වන විට නිවාස නිරෝධායනයට ලක් කර ඇත. තවදුරටත් ආශ්‍රීතයින් සිටින අතර එම කාන්තාවට කොවිඩ් 19 ආසාදනයවූ ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරමින් පවතී. 

මෙම ආශ්‍රිතයින් සම්බන්ධයෙන් ලැබෙන PCR පරීක්ෂණ ප්‍රථිපල මත තවදුරටත් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

මේ හේතුවෙන් මහජනතාවට නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් සැලකිල්ලෙන් පසුවන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දී සිටියි,
උපුටා ගැනීම නෙත් නිවිස්
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කොරෝනා ආසාදිත කතක් දිවුලපිටියෙන් හමුවෙයි (Corona Infected Woman Found In Divulapitiya) කොරෝනා ආසාදිත කතක් දිවුලපිටියෙන් හමුවෙයි (Corona Infected Woman Found In Divulapitiya) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 04, 2020 Rating: 5

0 comments:

Post a Comment